photographic 2
Dec 12, 2018

NSB - මාස්ටර්කාඩ් වෙතින් සිංගප්පූරුවට ගුවන් ටිකට්පත් ලබාදෙයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුව (NSB) සහ මාස්ටර්කාඩ් ආයතනය විසින් දෙමසක් මුළුල්ලේ පවත්වන ලද හරහා කාඩ්පත් ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයාවූ එම් එෆ් අර්ෂොෆ් මහතා හට සිංගප්පූරුවට යාම සහ ආපසු පැමිණීමට ගුවන් ටිකට්පත් දෙකක් පසුගියදා පිරිනමන ලදී.

නොවැම්බර් මාසය තුල NSB මාස්ටර්කාඞ් ඩෙබිට් කාඩ්පත් භාවිත කර සිදු කරන ලද POS ගණුදෙනු සංඛ්‍යාව මත පදනම්ව ජයග්‍රාහකයා තෝරාගැණිනි.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා මාස්ටර්කාඩ් ආයතනය මාස්ටර්කාඩ් කාඩ්පත් හිමියන්ගේ අඛණ්ඩ දායකත්වය වෙනුවෙන් සිය ස්තූතිය පුද කරන අතරම සිය දෛනික භාණ්ඩ මිලදීගැනීමේ කටයුතු සඳහා වැඩි වැඩියෙන් NSB මාස්ටර්කාඩ් ඩෙබිට් කාඞ්පත භාවිත කර දෙසැම්බර් මාසයේදී පිරිනැමෙන ගුවන් ටිකට්පත් දිනාගැනීමට අවස්ථාව හිමි කරගන්නා ලෙස මාස්ටර්කාඩ් කාඩ්පත් හිමියන්ට ආරාධනා කරයි.

ගුවන් ටිකට්පත් සඳහා අනුග්‍රාහකත්වය සපයන්නේ FindMyFare ආයතනයයි.

Image 2

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top