photographic 2
 රවී අබේසූරිය මහතා හා ක්‍රිෂාන් තිලකරත්න මහතා  රවී අබේසූරිය මහතා හා ක්‍රිෂාන් තිලකරත්න මහතා
Dec 14, 2018

සෙලාන් බැංකුවට නව අධ්‍යක්ෂවරු දෙදෙනක්

සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ක්‍රිෂාන් තිලකරත්න සහ රවී අබේසූරිය යන මහත්වරුන් පත්කර ඇති බව එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. 
ඉකුත් ඔක්තෝබර් 01 දින සහ 17 දින සිට බලපැවැත්වෙන පරිදි සිදු කර ඇති මෙම පත්වීම්වලට අනුකූලව අබේසූරිය මහතා ස්වාධීන අධ්‍යක්ෂ වරයෙකු ලෙස ද තිලකරත්න මහතා විධායක නොවන, ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ද කටයුතු කරනු ඇත. 

රවී අබේසූරිය මහතා කුවේට් රාජ්‍යයේ විශාලතම ලයිස්තුගත සමාගම්වලින් එකක් වන (වත්කම් ඇමරිකානු ඩොලර් බිලියන 4.7 කට වැඩි) National Industries Group (NIG) යටතේ පවතින Candor Group හි සමූහ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරයි. මීට පෙර ඒ මහතා හේලීස් සමූහ ව්‍යාපාරයේ ක්‍රමෝපායික ව්‍යාපාර ප්‍රධානී, Amba Research Lanka  හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ත්‍සඑජය ඍ්එසබටි ඛ්බන් හි කළමනාකාර අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර තිබේ. 

අබේසූරිය මහතා ඩොලර් මිලියන 200 ක පුද්ගලික සමකොටස් අරමුදලක ආයෝජනයන් මෙහෙයවා ඇති අතර Candor සමූහ ව්‍යාපාරය සහ ලොව පුරෝගාමී ආයෝජන පර්යේෂණ සමාගමක් වන Amba Research සමාගම ස්ථාපිත කිරීමට දායක වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථම ණය ශ්‍රේණිගත කිරීම් නියෝජිතායතනනයේ ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින් ද කටයුතු කිරීමට සමත්ව ඇති ඒ මහතා JP Morgan සමාගමේ ආයතනික මූල්‍ය ප්‍රධානී ධූරය දරමින් එහි ජාත්‍යන්තර කොටස් ස්ථානගත කිරීම් සහ සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම් මෙහෙයවීමට ද සමත්ව ඇත. පුද්ගලික සමකොටස් ආයෝජන සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ තනතුරු දරා ඇති ඒ මහතා ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය වෙතද උපදේශන අංශයෙන් සිය සේවය ලබා දී ඇත. එක්සත් රාජධානියේ කළමනාකාරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ අධි සාමාජිකයෙකු සහ ඇමරිකා එක්සත් ජනපදයේ වරලත් මූල්‍ය විශ්ලේෂකයෙකු ලෙසද කටයුතු කිරීමේ භාග්‍යය උදා කර ගත් අබේසූරිය මහතා ඕස්ටේ්‍රලියාවේ මොනෑෂ් සරසවියෙන් MBA උපාධියක් දිනා ගැනීමට ද සමත්ව ඇත. 

ක්‍රිෂාන් තිලකරත්න මහතා මේ වනවිට කොමර්ෂල් ලීසිං ඇන්ඞ් ෆයිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන අතර ඛධඛක්‍ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයෙකු ද වේ. 

එමෙන්ම ඒ මහතා කාම්බෝජයේ Prasac Micro Finance  සමාගමේ සහ Commercial Insurance Brokers (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂවරයෙකු වන ඒ මහතා ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන සම්බන්ධ ප්‍රධානතම සංවිධානය වන Finance Houses Association of Sri Lanka හි සභාපතිවරයාද වේ. 

සෙලාන් බැංකුවේ විධායක නොවන හා ස්වාධීන නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත්වීම් ලැබීමට පෙර තිලකරත්න මහතා, එම බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු වූ අයි. සී. නානයක්කාර් මහතා 2018 අගෝස්තු 31 දින ඉල්ලා අස්වන තෙක් ඒ මහතා වෙනුවෙන් විකල්ප අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළේ ය. 

ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සහකාර සාමාජිකත්වය හිමි තිලකරත්න මහතා ඇමරිකා එක්සත් ජනපදයේ හාවඞ් විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර මූල්‍ය ක්‍රමෝපායික නායකත්ව පුහුණු පාඨමාලාවක් හදාරා ඇත. කළමනාකරණය, ණය, නාලිකා කළමනාකරණය, අලෙවිකරණය, ෆැක්ටරින් සේවා, සේවා කළඹ කළමනාකරණය සහ ඉස්ලාම් මූල්‍ය සේවා සම්බන්ධ වසර 25 කට අධික හසල අත්දැකීම් සම්භාරයක් තිලකරත්න මහතා සතුය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top