photographic 2
Dec 20, 2018

Takas.lk ප්‍රදර්ශනාගාරය විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසය හිමිකර ගත් නව්‍ය ඉ-වාණිජ වෙළඳපලක් වන Takas.lk, සිය ප්‍රථම ප්‍රදර්ශනාගාරය විවෘත කළේය. අන්තර්ජාලය, ජංගම දුරකථන විකල්ප අභිබවා යන පහසු සාප්පු සවාරි අත්දැකීමක් පාරිභෝගික ජනතාවට උරුමකර දීම මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අරමුණයි.

Takas.lk අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ඇතුළු ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් මෙන්ම ප්‍රධාන සැපයුම්කරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

කොළඹ නගර මධ්‍යයේ අංක 288, ගාලු පාර, බම්බලපිටිය යන ස්ථානයෙහි පිහිටි මෙම ප්‍රදර්ශනාගාරය Takas.lk විවෘත කරන ලද ප්‍රථම ප්‍රදර්ශනාගාරය වන අතර පාරිභෝගිකයන් හට බහුවිධ විකුණුම් මධ්‍යස්ථානයක් බවට පත්වීමේ දැක්ම අනුව යමින් මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කළ බව එම සමාගම පවසයි.

"මෙරට විශාලත ම කේන්ද්‍රීය ඉ-වාණිජ වෙබ් අඩවිය වන ලෙස මෙම බහුවිධ ප්‍රදර්ශනාගාරය හරහා අපගේ ළෙන්ගතු පාරිභෝගික ජනතාවට සහ හවුල්කරුවන් හට වැඩි ප්‍රතිලාභ හිමිකර දීමට බලාපොරොත්තු වනවා. අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කරන පාරිභෝගිකයන් හට මෙමගින් තවදුරටත් විශ්වාසය ගොඩනගා ගත හැකි වනවා" යනුවෙන් Takas සමාගමේ සම නිර්මාතෘ/ප්‍රධාන විධායක නිලධාරී ළහිරු පත්මලාල් මහතා සඳහන් කළේය.

බහුවිධ ප්‍රදර්ශනාගාර ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති බවත්, සෑහෙන කලක පටන් තම සමාගම ඉන්දියාවේ මෙහෙයුම් කටයුතු නිරීක්ෂණය කරමින් ශ්‍රී ලංකාවට ඔබින නව්‍යකරණ කටයුතු සිදු කිරීම සඳහා කටයුතු කළ බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. "භාණ්ඩය ලබාගත් ස්ථානයේදී මුදල් ගෙවන Chash on Delivery පහසුකම එලෙස අප හඳුන්වා දුන් එක් පහසුකමක් වන අතර එය ශ්‍රී ලංකාවේ අතිශය සාර්ථක ක්‍රමවේදයක් බවට පත්වුණා"

2012 වසරේදී පත්මලාල් මහතා, සම නිර්මාතෘ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මුර්ටාසා මූසාජි සහ සම නිර්මාතෘ දිලේන්ද්‍ර විමලසේකර යන මහත්වරුන් සමග එක්ව ආරම්භ කරන ලදී.

Takas.lk, ඉතා කෙටි කලෙකින් ම මෙරට විශාලත ම අන්තර්ජාල සාප්පු සංකීර්ණය බවට පත්විය.

වර්තමානය වන විට Takas.lk වඩාත් නවෝත්පාදන ඉ-වාණිජ සේවා සම්පාදකයා ලෙස සිය ප්‍රමුඛස්ථානය තහවුරු කරගෙන ඇති අතර විශිෂ්ටත ම නව්‍යකරණ සේවා, සැබෑ ප්‍රවර්ධන සහ දීමනා සමගින් නිරන්තරයෙන් සිය තරගකාරී සමාගම් අභිබවීමට සමත්ව සිටී.

සිය ප්‍රථම ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර සියල්ලම ආවරණය කරමින් ප්‍රදර්ශනාගාර ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව Takas.lk පවසයි. "Takas.lk ආදායමෙන් 6%ක් පමණ මොණරාගල ප්‍රදේශයෙන් හිමිවන අතර ගම්පහ සහ වෙනත් ප්‍රධාන වෙළඳපල තුළ ද අප ඉතා හොඳින් ව්‍යාපාරික කටයුතු සිදු කරනවා. සැබවින් ම ඕනෑම නගරයකට සාර්ථක වීමේ හැකියාව පවතින බැවින් අප එම සියලු අවස්ථාවන්ගෙන් උපරිම ඵල නෙළා ගැනීමට කටයුතු කරනවා" පත්මලාල් මහතා පැවසුවේය.

"Cash on Delivery" පහසුකම මෙන්ම ටෝකන් ක්‍රෙඩිට් කාඩ්පත් (one-click) පහසුක ම මෙරටට පළමුව හඳුන්වා දුන් Takas.lk විදුලි උපකරණ වල සිට ගෘහ භාණ්ඩ දක්වා 13,000කට අධික ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන රැසක් පිරිනමයි.

Takas.lk දේශීයව මෙන්ම ජාත්‍යන්තරව ද වඩාත් නවෝත්පාදන සමාගමක් ලෙස කීර්තිමත් නාමයකට හිමිකම් කියයි. වෙනත් ඉ-වාණිජ සහ ලොජිස්ටික් සමාගම් ස්වයංක්‍රියකරණය කිරීම සඳහා සහයෝගය ලබාදීමට Takas සමාගමේ Takas ඉ-වාණිජ විසඳුම් (TES) අංශය ද 2018 වසරේදී හඳුන්වා දෙන ලදී.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top