Dec 23, 2018

HNB ෆිනෑන්ස්ට රජත සම්මා­න­ය

මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ 18 වස­රක කීර්ති­මත් නාම­යක් සහ ශක්ති­මත් මූල්‍ය ස්ථාව­ර­ත්ව­යක් සහිත HNB ෆිනෑන්ස් සමා­ගම පසු­ගි­යදා පැවති 2018 ජාතික ව්‍යාපා­රික විශි­ෂ්ටත්ව සම්මාන උලෙළේදී බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ රජත සම්මා­න­යෙන් පිදුම් ලැබීය.

HNB ෆිනෑන්ස් සමා­ගම වෙනු­වෙන් එහි ප්‍රධාන මෙහෙ­යුම් නිල­ධාරී ප්‍රිය­ලාල් අරං­ගල මහතා විසින් මෙම සම්මා­නය පිළි­ගනු ලැබීය.

ජාතික වාණිජ මණ්ඩ­ලය විසින් සංවි­ධා­නය කරනු ලබන ජාතික ව්‍යාපාර විශි­ෂ්ටත්ව (NBEA) සම්මාන උළෙල මෙරට ව්‍යාපා­රික ක්ෂේත්‍රයේ කීර්ති­මත් සම්මාන උළෙ­ලක් ලෙස ඉහළ සම්භා­ව­නා­වට පාත්‍ර වන අතර සම්මාන සඳහා නිර්දේශ වන ආය­ත­න­යන් පිළි­බ­ඳව ඇග­යී­මක් ද සිදු කරනු ලබයි.

මෙවර මෙම සම්මාන උළෙල පව­ත්වන ලද්දේ 15 වැනි වරට වන අතර බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රග­ම­නය සහ කාර්ය­සා­ධ­නය අග­යනු වස් එම කාණ්ඩයේ රජත සම්මා­නය HNB ෆිනෑන්ස් වෙත ලබා දෙන ලදි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top