Dec 25, 2018

හුවාවේ වෙතින් කොළඹට හිම වැස්සක්

ලංකාවේ එංක එකේ ස්මාර්ට්ෆෝන් සන්නාම නාමය ලෙස ඉදිරියට පැමිණෙන HUAWEI විසින් පසුගියදා අපූරු අයුරින් නත්තල් සමග සමරා තිබුණි.

ඒ, සූර්ය රශ්මියෙන් රත් වූ කොළඹ අගනුවරට හිම වැස්සක් වස්සවමිනි.

‘මේක් ඉට් පොසිබල්’ යන විරුදාවලිය සමග ඉදිරියට යන HUAWEI ‘මේක් ස්නෝ පොසිබල්’ නමින් මෙම කර්ත්‍යවයට අතගසා තිබුණි.

කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ලොබි ශාලාවේදී පසුගිය 21දා පැවති මෙම අවස්ථාවට පුද්ගලයන් 1000ක් පමණ එක්විය.

මෙහිදී හිම අත්විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් හට ලබාදී තිබුණු අතර, තෑගි ලබාදෙන ක්‍රීඩා ඇතුළු තවත් විනෝදාත්මක අංග රැසක්ද පැවැත්වුණි.

උත්සව සමය වෙනුවෙන් දෙසැම්බර් මාසය පුරාවට මිල අඩු කෙරුනු HUAWEI Y මාදිලියේ ස්මාර්ට්ෆෝන් ඇතුළු අනෙකුත් නිෂ්පාදන ද මෙහිදී ප්‍රදර්ශනය කර තිබුණි.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ Huawei මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා පවසා සිටියේ ආදරය, පවුල හා වසරක කාලය සුන්දර කළ සියල්ල හා කෘතඥතාවය බෙදාගැනීම නත්තලේ අරුත බවත්ය. “ ‘මේක් ස්නෝ පොසිබල්’ යනු ශ්‍රී ලාංකික ලෝලීන් සමග නත්තල් සතුට බෙදාගැනීමේ අපගේ ක්‍රමයයි,” යැයි ඔහු පැවසීය.

1

2

3

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top