Dec 28, 2018

ඉන්ස්ටර්ග්‍රෑම් වෙනසට දෝස්මුරයක්!

පරීක්ෂණ මට්ටමෙන් පැවති යාවත්කාලීන කිරීමක් අත්වැරදීමකින් මිලියන් ගණනක පාරිභෝගිකයන් වෙත යාම සම්බන්ධයෙන් ජනප්‍රිය සමාජ ජාල මාධ්‍යයක් වන ඉන්ස්ටර්ග්‍රෑම් සමාව අයැද තිබේ.

මෙම යාවත්කාලීන කිරීමත් සමග සාම්ප්‍රදායිකව උඩ සිට යට දෙසට බලන පෝස්ටු ෆීඩ් (feed) එක හරස් අතට බැලීමට ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් හිමියන්ට සිදුවිය.

මේ සම්බන්ධයෙන් ට්විටර් ඔස්සේ දරුණු විවේචන පමණක් නොව ඉන්ස්ටර්ග්‍රෑම් යථා තත්ත්වයට ගෙන එන මෙන් ඉල්ලීම් ද සිදුකර තිබුණි.

මෙම යාවත්කාලීන කිරීම පැයක කාලයක් පමණ පැවතීමෙන් අනතුරුව ඉවත් කරගෙන තිබුණි.

ට්විටර් පණිවිඩයක් මුදාහරිම්න් ඉන්ස්ටර්ග්‍රෑම් හි නිෂ්පාදන ප්‍රධානී ඇඩම් මෝසෙරි පවසා ඇත්තේ මෙය කුඩා පරිමාණයේ පරීක්ෂණයක් ලෙස පැවැත්වීමට කටයුතු කර තිබුණද, එය අපේක්ෂා කළ පමණට වඩා දුරදිග ගිය බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top