Jan 01, 2019

ජාතික ඉතිරිකිරීමේ බැංකුව, 2019 උත්සවාකාරයෙන් අරඹයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 2019 නව වසර වෙනුවෙන් වැඩ ආරම්භ කිරීම, 2019.01.09 වැනිදා පෙරවරුවේ ජාතික ඉතිරිකිරීමෙි බැංකුවෙි කොල්ලුපිටිය ප්‍රධාන කාර්යාලයේ දී උත්සවාකාරයෙන් සිදුවිය .

සර්ව ආගමික වතාවත් සහ ආශිර්වාද මැද ආරම්භ වූ මෙම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ප්‍රියන්ත රත්නායක , සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරී ධම්මික පෙරේරා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ජගත් ගමනායක, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරු, උපදේශකවරුන් සමග, සහකාර සාමාන්‍යාධිකාරීවරුන්, ඉහළ කළමණාකාරීත්වය සහ සමස්ත සේවක ප්‍රජාවද සහභාගී වූහ.

ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ප්‍රියන්ත රත්නායක මහතා සහ සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායකතුමන් වන ධම්මික පෙරේරා මහතා ද සේවක පිරිස අමතා සිය අදහස් දැක්වීයග සියලූදෙනා එක්සත්ව කටයුතු කරමින් ආයතනයේ සහ දේශයේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කිරීමේ වැදගත් කම ද ඔවුහු අවධාරණය කළහ.

මේ අවස්ථාවේ දී ඉතිරිකිරීමේ බැංකුවේ සමස්ථ කාර්ය මණ්ඩලයම 2019 වසරේ රාජ්‍ය ප්‍රතිඥාව ද ලබාදුන් අතර , ඒ තුලින් කාර්යක්‍ෂම, විනයගරුක, සහ ජනතා හිතවාදී සේවාවක් සැළසීමට ඇති සිය කැපවීම යලිත් තහවුරු කලහ .

එසේම සියලූම ගනුදෙනුකරුවන්ට සහ සමස්ථ ශ්‍රී ලංකාවාසීන්ටම ජාතික ඉතිරිකිරීමේ බැංකුව සුභ නව වසරක් ද ප්‍රාර්ථනා කරයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top