Jan 03, 2019

DLB වෙතින් ගාල්ලට නව අලෙවි කුටි හා ට්‍රයිසිකල් (ඡායා)

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන නව අලෙවි කුටි ලබා දීමේ වැඩසටහනේ හා විවිධ ශාරීරික ආබාධ සහිත අලෙවි සහකයින් සඳහා ට්‍රයිසිකල් ලබා දීමේ වැඩසටහනේ තවත් අදියරක් පසුගිය 27දා ගාල්ල නගරයේදී ක්‍රියාත්මක විය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග එක්ව සිටින ගාල්ල දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා නව අලෙවි කුටි 34ක් ලබා දීම එහිදී සිදු විය. ඊට සමගාමීව ආබාධිත අලෙවි සහයකින් හය දෙනෙක් සඳහා නොමිලේ ට්‍රයිසිකල් ප්‍රදානය කිරීමද සිදුකරන ලදී.

ගාල්ල දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත වී.සී.ජයරත්න මහතාගේ කාර්යාල පරිශ්‍රයේදී සිදුකරනු ලැබූ මෙම සමාජ සත්කාරය සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා සහ අදාළ දිස්ත්‍රික්ක කලාප කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top