photographic 2
Jan 10, 2019

SLIM වෙතින් පළමු වරට ඩිජිටල් අලෙවිකරණ සම්මාන උළෙලක්

සිය ඉතිහාසයේ පළමුවරට ඩිජිටල් අලෙවිකරණ සම්මාන උළෙලක් පවත්වන බව ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) නිවේදනය කරයි.

SLIM Digis 2018 ලෙස නම් කර ඇති මෙම සම්මාන උළෙල විසින් ශ්‍රී ලංකාවේ දක්ෂතම ඩිජිටල් අලෙවිකරණ වැඩකටයුතු, නිපයුම් හා දස්කම් අගයනු ඇති අතර, ලොව ඩිජිටල් ක්ෂේත්‍රය තුළ වර්ධන වෙමින් පවතින කලාපීය බලපෑම ද අගයනු ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය සභාපති - ප්‍රදීප් එඩ්වර්ඩ් මහතා පවසන්නේ ඩිජිටල් යුගයක ජීවත් වීමේදී ඩිජිටල් අලෙවිකරණය යනු සෑම ව්‍යාපාරයකට අතිශයෙන්ම වැදගත් කරුණක් බවයි.

සම්මාන උළෙලට ප්‍රථමයෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය විසින් SLIM Digi Fest නමින් ඩිජිටල් අලෙවිකරණ සැණකෙළියක් පවත්වනු ඇති අතර, එය නොමිලේ මහජනතාවට විවෘත වන්නෙකි.

ඩිජිටල් අලෙවිකරණ සම්මාන සඳහා වූ තරග මෙරට සියළු ඩිජිටල් හා නිර්මාණාත්මක නියෝජායතන සඳහා විවෘත වන අතර, මෙහි ප්‍රධාන සම්මානය වනුයේ හොඳම ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාරයයි (Best Digital Marketing Campaign).

වසර 2019 ජනවාරි 08 - පෙබරවාරි 11 දා දක්වා මෙම තරග වලට ඇතුළත් විය හැකිය.

Slim1 670px 19 01 10

Slim2 670px 19 01 10

Slim3 670px 19 01 10

Slim4 670px 19 01 10

Slim5 670px 19 01 10

Slim6 670px 19 01 10

Slim7 670px 19 01 10

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top