Jan 10, 2019

සුපිරිවිකී, ජාත්‍යන්තර සම්මානයකින් පිදුම් ලබයි! (ඡායා)

හෙට්ටිගොඩ සමූහයට අයත් දෙස්විදෙස් කීර්තියට පත් දන්තාලේප සන්නාම නාමයක් වන සිඬාලේප සුපිරිවිකී වෙනුවන් ජාත්‍යන්තර සම්මානයක් පසුගියදා හිමිවිය.

මැකාව් හි පැවති 2018 International Innovation Awards නම් සම්මාන උළෙලේ දී නිෂ්පාදන අංශයෙන් සුපිරිවිකී වෙත මෙම සම්මානය හිමිවූ අතර, එම අවස්ථාවට හෙට්ටිගොඩ සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂක - අශෝක හෙට්ටිගොඩ මහතා එක්විය.

මෙම ජයග්‍රහණය පිළිබඳව ඊයේ දින (09) කොළඹ හිල්ටන් හෝටලයේ මාධ්‍ය හමුවක් පැවැත්වුණු අතර, එම අවස්ථාවට සහභාගීවූ සෞඛ්‍ය අමාත්‍ය - රාජිත සේනාරත්න මහතා හට හෙට්ටිගොඩ සමූහයේ සභාපති - දේශබන්දු වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අතින් මෙම සම්මානය පිරිනැමූ අවස්ථාව පහත දැක්වේ.

මෙම උත්සවයට අශෝක හෙට්ටිගොඩ මහතා ඇතුළු සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින්ද කාර්ය මණ්ඩලයද සහභාගී විය.

SupiriW4 670px 19 01 09

SupiriW7 670px 19 01 09

SupiriW8 670px 19 01 09

SupiriW9 670px 19 01 09

SupiriW6 670px 19 01 09

SupiriW3 670px 19 01 09

SupiriW2 670px 19 01 09

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top