Jan 11, 2019

IIT හි ප්‍රථම MBA උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වේ (ඡායා)

ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය අධ්‍යාපන ආයතනයක් වන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය සිය ප්‍රථම ව්‍යාපාර පරිපාලනවේදී (MBA) උපාධි ප්‍රදානෝත්සවය එක්සත් රාජධානියේ Canterbury Christ Church විශ්වවිද්‍යාලය (CCCU) සමග සංවිධානය කළේය.

CCCU විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති සහ ප්‍රධානී මහාචාර්ය රාම තිරුනාමචන්ද්‍රන් මහතා සහභාගී වූ අතර Kapruka.com හි ප්‍රධාන විධායක නිලධාරී දුලිත් හේරත් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූයේය. CCCU විශ්වවිද්‍යාලයේ MBA උපාධිය සාර්ථකව අවසන් කළ සිසුන් හට උපාධි පිරිනැමීමෙන් අනතුරුව විශිෂ්ට දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන "ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ රන් පදක්කම" එස්.ඒ.ඩී. නිමේෂා ආශිංෂනීට හිමිවිය.

Canterbury Christ Church විශ්වවිද්‍යාලය (CCCU) කෙන්ට් සහ මෙඩ්වේ ප්‍රාන්ත පුරා සිසුන් 16,000කට අධික ප්‍රමාණයකට උසස් අධ්‍යාපන පහසුකම් සලසන නූතන විශ්වවිද්‍යාලයකි. එම විශ්වවිද්‍යාලය පිරිනමන MBA උපාධිය හරහා වර්තමානයේ ශීඝ්‍රයෙන් වෙනස් වන ව්‍යාපාරික පරිසරය තුළ පැනනගින සංකීර්ණ ගැටළු වලට සාර්ථකව මුහුණදීමේ හැකියාව ලබාදෙමින් කළමනාකරණ අංශයේ රැකියා හිමිකර ගැනීමේ අවස්ථාව සිසුන්ට හිමිකර දෙයි. වර්තමානයේ එකිනෙක සම්බන්ධ, ගෝලීයකරණය වූ ආර්ථිකය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාදීම සඳහා සෑම අංශයක් ම ජාත්‍යන්තර පැතිකඩ ඔස්සේ ගොඩනගා ඇත. මේ හරහා විදෙස්ගත වීමෙන් තොරව ලෝක මට්ටමේ පශ්චාද් උපාධි සුදුසුකමක් හිමිකර ගනිමින් සිය වෘත්තීය සුදුසුකම් තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට සිසුන්ට හැකිවේ.

උපාධි ප්‍රදානෝත්සවයේ පිළිගැනීමේ කතාව සිදු කරමින් IIT ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ජයන්ත විජේරත්න මහතා සඳහන් කළේ, "එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්වවිද්‍යාල මගින් උපාධි පිරිනමන මෙරට ප්‍රමුඛත ම උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස අප ආයතනය සැලකෙනවා. Canterbury Christ Church විශ්වවිද්‍යාලය යනු එවැනි එක් කීර්තිමත් විශ්වවිද්‍යාලයක්. එම විශ්වවිද්‍යාලය සහ අප ආයතනය අතර සහයෝගිතාව 2016 වසරේදී ආරම්භ වුණා. IIT ආයතනයේ දශක තුනකට ආසන්න ප්‍රෞඩ ඉතිහාසය තුළ උපාධිධාරීන් විශාල ප්‍රමාණයක් බිහි කිරීමට අප සමත්වූ අතර ඔවුන් මෙරට මෙන්ම විදෙස් රටවල ද ඉහළ පෙළේ රැකියාවල නිරත වනවා. මෙම උපාධි වැඩසටහන හැදෑරීමෙන් අනතුරුව ඔබට හිමිවූ දැනුම සහ කුසලතා පිළිබඳ සැලකීමේදී අනෙකුත් සිසුන්ට වඩා කඩිනමින් රැකියා ක්ෂේත්‍රයේ ඉහළට ම ගමන් කිරීමට ඔබට හැකිවන බව අපට විශ්වාසයි" යනුවෙනි.

"උපාධි සහ සම්මාන හිමිකර ගත් උපාධිධාරීන් මෙම ආයතනයට බෙහෙවින් වැදගත් වනවා. මෙම උපාධිධාරීන් ද ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා විවිධ ක්ෂේත්‍ර වල නිරතවන කීර්තිමත් ආදි ශිෂ්‍ය පරපුරට එක්වනු ඇත. තමන් ඉදිරියට යාමට අපේක්ෂා කරන ඕනෑම ක්ෂේත්‍රයක් තුළ පැනනගින අභියෝග සහ අවස්ථා වලට මුහුණදීම සඳහා අවශ්‍ය දැනුම සහ කුසලතා ගොඩනගා ගැනීමට මෙම ආයතනය සහයෝගය ලබාදී ඇතැයි අප විශ්වාස කරනවා" යනුවෙන් CCCU ආයතනයේ උප කුලපති සහ ප්‍රධානී මහාචාර්ය රාම තිරුනාමචන්ද්‍රන් මහතා සඳහන් කළේය.

වර්ෂ 1990 දී පිහිටුවනු ලැබූ ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රය සඳහා පිළිගත් බ්‍රිතාන්‍ය උපාධි වැඩසටහන් මෙහයවූ ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනයයි. උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් සදහා සම්මාන දිනු මෙම විශ්ව විද්‍යාලය එක්සත් රාජධානියේ University of Westminster සහ Robert Gordon University යනාදී විශ්වවිද්‍යාල හා සම්බන්ධවෙමින් කටයුතු කරයි. ගතවූ වසර 28 ක කාලය තුළ මෙරට තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයට ජාත්‍යන්තර මට්ටමේ උපාධිධාරීන් බිහිකරමින් ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි (IIT) ආයතනය සිදුකර ඇති මෙහෙවර අති මහත් ය. මෙලෙස බිහිවූ උපාධිධාරීන් මේ වනවිට දේශිය හා විදේශිය මෙන්ම රාජ්‍ය හා පුද්ගලික ආදී අංශවල ප්‍රමුඛ වෘත්තිකයින් බවට පත්ව ඇති අතර ඇතැමුන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ව්‍යවසායකයින් බවට පත්ව සිටිති. මේ ආකාරයට මේ වනවිට ලොව පුරා රටවල ආයතන විශාල ප්‍රමාණයක් වෙත IIT විසින් උපාධිධාරීන් යොමු කර ඇත.

ITT1 670px 19 01 11

ITT2 670px 19 01 11

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top