Jan 21, 2019

සුපිරි කෝටිපති ජයග්‍රාහකයන් ට DLB වෙතින් මුදල් ත්‍යාග

සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් පසුගිය සති දෙකක කාලය ඇතුළත බිහිකරන ලද තවත් කෝටිපතියන් දෙදෙනෙක් සදහා චෙක්පත් ප්‍රදානය පසුගිය 2019.01.16 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.

අද කෝටිපති ලොතරැයිය බිහිකළ එකලොස් වන කෝටිපති ජයග්‍රාහකයා බවට පත් වෙමින් අදකෝටිපති 489 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු. 5 ,72 ,51, 915 ක මුදල දිනාගත් අනුරාධපුර එම්.ජී.යටාලතිස්ස මහතාට අදාළ චෙක්පත ප්‍රදානය කිරීම එදින සිදුවිය.

සංවර්ධන වාසනාව 205 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු.1 ,72, 73 ,108 ක මුදල දිනා ගත් ජයග්‍රාහිකාව වූ මහව එස්.එන්.ඩබ්.එම්.එන්.පී. සේමසිංහ මහත්මියටද එදින අදාළ චෙක්පත ප්‍රදානය කරන ලදී.

එම ජයග්‍රාහකයින් ලොතරැයිපත් අලෙවි කළ නෙළුම්කුලම අලෙවි නියෝජිත එම්.ආර්. උපුල් මහතාට සහ එම්.එස්.කේ.දිසානායක යන අයටද සහතිකපතක් සමගින් මුදල් ත්‍යාග පිරිනමන ලදී.

මෙම චෙක්පත් ප්‍රදානෝත්සව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂ එච්.ආර්.විමලසිරි මහතා ඇතුළු නිළධාරීන් සහභාගී විය.

DLB1 670px 19 01 21

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top