Jan 25, 2019

තුනට නමන්න පුලුවන් ස්මාර්ට්ෆෝන් එක මෙන්න!

කොටස් දෙකකින් දිග හැරීමෙන් බැබ්ලට් පරිගණයක් බවට පරිවර්තනය කර ගත හැකි ස්මාර්ට් ජංගම දුරකතනයක් Xiaomi සමාගම විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.

ෂාඕමී (Xiaomi) චීන සමාගම සිය නවතම නිෂ්පාදනය පිළිබඳව වෙයිබෝ (Weibo) සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පළ කර තිබිණි. එමගින් ඔවුන් පළ කර තිබුණේ, "දෙවරක් නැවිය හැකි" දුරකතනයක් වෙළෙඳපොළට ඉදිරිපත් කරන අතර ඊට නමක් යෝජනා කිරීම සඳහා ජනතාවට ආරාධනා කරන බවය.

සැම්සුන් සහ රෝයෝලේ යන සමාගම් මීට පෙර නැවිය හැකි දුරකතන වෙළෙඳපොළට හඳුන්වා දී තිබේ.

එහෙත්, එම දුරකතන එක් ස්ථානයකින් පමණක් නැවිය හැකි ඒවා විය.

"ෂාඕමී සමාගම තුනට නැවිය හැකි දුරකතනයක් නිපදවීම බොහොම සිත් ඇදගන්නා කරුණක්," CCS Insight නමැති වෙළෙඳපොළ විශ්ලේෂණ ආයතනයේ උපදේශක බෙන් වුඩ් පැවසීය.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top