Jan 26, 2019

සභාපති ටෙලිකොම් සේවකයන් 450ක් ගෙදරයවන්න හදයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අතිරික්ත සේවකයන් එක්දහස් පන්සියයක් පමණ (1,500) සිටින බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මගින් හෙළිකරගෙන තිබේ.

ඒ අනුව සමාගම උපයන ආදායමින් සියයට 45 ක් පමණ සේවකයන්ගේ නඩත්තුවට වැයකර ඇති බව හෙළිව ඇත.

මේ සඳහා පිළියමක් ලෙස රුපියල් බිලියන 01 ක් වැයකර සේවකයන් හාරසියපනහක් (450) පමණ ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇති බව කෝප් කමිටුව හමුවේ ටෙලිකොම් සභාපතිවරයා ප්‍රකාශකර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top