Jan 31, 2019

ගම්මිරිස් ආනයනය නතර කරයි!

ගම්මිරිස් මෙරටට ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කර ඇත.

පසුගියදා දඹුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය පී. හැරිසන් මහතා මේ බව කියා සිටියේය.

අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට ගම්මිරිස් වගාවේ නිරත ගොවීන්ට සහනයක් ලබාදීම උදෙසා ගම්මිරිස් ආනයනය නතර කිරීමට පියවර ගත් බවයි.

උඳු නිෂ්පාදනය කරන ගොවීන්ට සහනයක් වශයෙන් ආනයනික උඳු කිලෝග්‍රෑම් 1 ක් සඳහා රුපියල් 200 ක බද්දක් පැනවීමට පියවර ගත් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top