Feb 18, 2019

වාහන ආනයනය සහ අළෙවිය වේගයෙන් පහළට !

වාහන ආනයනය සහ අළෙවිය සීග්‍රයෙන් පහත වැටී ඇතැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි සභාපති ඉන්දික සම්පත් මෙරින්චි මහතා සඳහන් කළේ වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ වාහන ආනයනය කිරීමේදී බවයි.

වාහන ආනයනය සියයට 90 කින් පමණ පහළ වැටී ඇති අතර වාහන අළෙවියද සියයට 70 කින් පමණ පහළ වැටී ඇති බව ඔහු 'නෙත් නිව්ස්' වෙත කියාසිටියේය.

රජය මගින් පසුගිය අවස්ථා කිහිපයකදී පැන වූ සීමාවන්ද මෙම තත්ත්වයට හේතුවක් බවද සඳහන් කළේය.

වෙළදපොළ ස්ථාවරත්වයක් නොමැතිකමද වාහන අළෙවියට දැඩි ලෙස බලපා ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

වෙළදපොළේ පවතින මෙම තත්ත්වය අවම කිරීම සඳහා එළඹෙන අයවැයේදී හෝ පියවර ගනු ඇතැයි වාහන ආනයනකරුවන් විශ්වාසය පළ කරයි.

රුපියල අවප්‍රමාණය වීම වැලැක්වීමේ පියවරක් ලෙස වාහන ආනයනය සිමා කිරීමට රජය මේවනවිට සීමාවන් පනවා ඇත.

රාජපක්ෂ ආණ්ඩුවටත් අභියෝගයක් වූ ගැටලූවක්:

මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් වයඹ විශ්ව විද්‍යාලයේ වාණිජ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා විසින් 2012 වසරේ පළකර ඇති ලිපියක මෙසේ සඳහන් වේ.

''වසර 2009 දී සහ 2010 දී ලංකාවට ගෙන්වා ඇති වාහන සංඛ්‍යාව සියයට එකසිය විසි එකකින් වැඩි වුණි. මේ ප්‍රමාණය 2010-2011 අතර කාලයේදී සියයට එකසිය හතළිස් හතකින් වැඩිවී තිබේ.

මේ ආකාරයට වාහන ආනයනය වැඩිවීම බොහෝ විට රජයකට අයහපත් ප්‍රතිඵල ගෙනදෙන්නකි. එක් පැත්තකින් වාහන තදබදය වැඩිවනු ඇත. අනතුරු වැඩිවනු ඇත. ඒ වගේම ඉන්ධනවලට ඇති ඉල්ලූමද මේ නිසා ඉහළ යන බව කිව යුතුය.

මේවාට වඩා බරපතළ ගැටලූවක් තිබේ. එනම් මේ වාහන ආනයනය කිරීමට විදේශ විනිමයට ඇති ඉල්ලූම වැඩිවීමය. නැතිනම් ඩොලර්වලට ඇති ඉල්ලූම වැඩිවීමය.

මේ නිසා ලංකාවේ විදේශ විනිමය අර්බුදයක් නිර්මාණයවීමට වාහන ආනයනය වැඩිවීම හේතු වුණි. එය වාහන ආනයනයේදී පමණක් නොව ඕනෑම භාණ්ඩයක් විශාල වශයෙන් ආනයනය කරන විට ඇතිවිය හැකි තත්ත්වයකි.

මේ අනුව වාහන ආනයනය සීමා කිරීමට බදු වැඩි කළේයැයි රජය ගොඩනඟන තර්කයේ ඇත්තක් තිබේ. මෙය පිළිගත හැකි තර්කයකි.

එහෙත් මේ වැඩි කිරීම හමුවේ රථවාහන මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම වාහනයක් ගැනීමේ අපේක්‍ෂාවෙන් පසුවූ අයට නම් කිසි ලෙසකින්වත් හිතකර නොවූ බවද කිව යුතුය....''

අදාල ලිපිය පහතින් දැක්වේ.

රටට බලපාන ආර්ථික තීන්දු

ලංකාවේ ආර්ථික ප‍්‍රතිපත්තියේ විශේෂත්වයක් තිබේ. එනම් මේ ප‍්‍රතිපත්තිවල කිසිදු ප‍්‍රතිපත්තියක් නොමැති වීමය. පසුගිය කාලයේ රජය ගත් යම් යම් තීන්දු තීරණවලින් පැහැදිලිව දක්නට ලැබුණේද රටේ කිසිදු ආර්ථීක ප‍්‍රතිපත්තියක් නොමැති බවය. බදු වැඩි කිරීම්, රුපියලේ අගය නිදහසේ පා වෙන්නට ඉඩදීම, අලූත් මූල්‍යමය චක‍්‍රලේඛ ඉදිරිපත්වීම යනාදිය දෙස බලනවිට පෙනී යන්නේ ඒවා කිරීමට කිසිදු සාධාරණ තාර්කික පදනමක් නොතිබූ බවය. රජය ඇතැම් තීරණ ගත් පසු ඒවා සාධාරණීකරණය කිරීමට යම් යම් කරුණු කාරණා ඉස්මතු කර පෙන්වීය. උදාහරණයක් වශයෙන් වාහන ආනයන බදු ඉහළ නැංවීම පෙන්නා දිය හැකිය. මේ සම්බන්ධයෙන් රජය ගොඩනඟන තර්කයේ සත්‍යතාවක් තිබේ. වසර 2009 දී සහ 2010 දී ලංකාවට ගෙන්වා ඇති වාහන සංඛ්‍යාව සියයට එකසිය විසි එකකින් වැඩි වුණි. මේ ප‍්‍රමාණය 2010-2011 අතර කාලයේදී සියයට එකසිය හතළිස් හතකින් වැඩිවී තිබේ. මේ ආකාරයට වාහන ආනයනය වැඩිවීම බොහෝ විට රජයකට අයහපත් ප‍්‍රතිඵල ගෙනදෙන්නකි. එක් පැත්තකින් වාහන තදබදය වැඩිවනු ඇත. අනතුරු වැඩිවනු ඇත. ඒ වගේම ඉන්ධනවලට ඇති ඉල්ලූමද මේ නිසා ඉහළ යන බව කිව යුතුය. මේවාට වඩා බරපතළ ගැටලූවක් තිබේ. එනම් මේ වාහන ආනයනය කිරීමට විදේශ විනිමයට ඇති ඉල්ලූම වැඩිවීමය. නැතිනම් ඩොලර්වලට ඇති ඉල්ලූම වැඩිවීමය. මේ නිසා ලංකාවේ විදේශ විනිමය අර්බුදයක් නිර්මාණයවීමට වාහන ආනයනය වැඩිවීම හේතු වුණි. එය වාහන ආනයනයේදී පමණක් නොව ඕනෑම භාණ්ඩයක් විශාල වශයෙන් ආනයනය කරන විට ඇතිවිය හැකි තත්ත්වයකි. මේ අනුව වාහන ආනයනය සීමා කිරීමට බදු වැඩි කළේයැයි රජය ගොඩනඟන තර්කයේ ඇත්තක් තිබේ. මෙය පිළිගත හැකි තර්කයකි. එහෙත් මේ වැඩි කිරීම හමුවේ රථවාහන මිල ගණන් විශාල වශයෙන් ඉහළ යාම වාහනයක් ගැනීමේ අපේක්‍ෂාවෙන් පසුවූ අයට නම් කිසි ලෙසකින්වත් හිතකර නොවූ බවද කිව යුතුය. පසුගිය පෙබරවාරි මාසයේදී මූල්‍ය චක‍්‍රලේඛයක් නිකුත් කෙරුණි. එහි අඩංගු මූලික කරුණු තුනකි. බැංකු පොලී අනුපාත වැඩි කරන බව එහි එක් තැනක සඳහන්ය. බැංකු පොලී අනුපාත වැඩි කිරීමෙන් ඔවුන් අපේක්‍ෂා කරන්නේ ණය ගැනීම අධෛර්යමත් කිරීමකි. මේ ආකාරයට ණය ගැනීම අධෛර්යමත් කිරීමෙන් අපේක්‍ෂා කරන්නේ දේශීය භාණ්ඩවලට ඇති ඉල්ලූම යම් ආකාරයකට අඩු වේ යැයි කියාය. දේශීයව භාණ්ඩවලට ඇති ඉල්ලූම අඩුවන විට ඩොලරයට ඇති වටිනාකම අඩුකර ගැනීම ආණ්ඩුවේ අරමුණ බව පැහැදිලිය. තර්කයක් වශයෙන් ගෙන බලනවිට මෙහි සත්‍යතාවක් තිබේ. ඒ සම්බන්ධ ගැටලූවක් නැත. එහෙත් රුපියලේ අගය නිදහසේ තීරණයවීමට ඉඩ හරින විට නැතිනම් රුපියල පාවෙන්නට ඉඩ හරිනවිට රජය කියා සිටියේ ආනයන අපනයන පාලනය කිරීමට අපේක්‍ෂා කරන බවය. වෙළෙඳ ශේෂයේ තිබෙන විශාල පරතරය අඩු කිරීමට, ආනයන අපනයන ගැළපීම් කිරීමට සහ අපනයන දිරිමත් කිරීමට රුපියල අවප‍්‍රමාණය කිරීම අවශ්‍ය බව රජය පෙන්නා දී තිබුණි. ආර්ථික විද්‍යානුකූලව බලන විට මේ තර්කයද පිළිගන්නට පුළුවන. මේ කවර තර්ක පැවතියද අප අවධානය යොමු කළ යුතු කරුණක් තිබේ. එනම් මේ තීරණ ගැනීමට හේතු වූයේ ඇයි සහ එම තීරණවල තිබෙන බලපෑම කුමක් ද කියාය. රුපියල නිදහසේ පාවීමට හැරිය පසු මේ වනවිට ඩොලරය රුපියල් 127 ට ගොස් තිබේ. මීට ටික දිනකට පෙර ඩොලරය රුපියල් 130 දක්වා වැඩිවුණි. යෙන් එකක් රුපියල් 1.56 දක්වා වැඩිවී තිබේ. ඉන්දියන් රුපියල 2.46 ක් වී තිබේ. මේ ආකාරයට විදේශ විනිමය අගය වැඩිවීම නිසා ලංකාවට ආනයනය කරන සියලූම භාණ්ඩ හා සේවා මිල ගණන් අනිවාර්යයෙන්ම වැඩිවනු ඇත. මේ මිල ඉහළයාම හේතුවෙන් සිදුවන්නේ මෙරට උද්ධමනය ඉහළ යාමකි. රුපියල පා කිරීමේ හොඳ පැති මෙන්ම නරක පැතිද ඇති බව මෙයින් පෙනෙන්නට ඇති කරුණකි. මේ අවස්ථාවේ රුපියලේ අගය නිදහසේ තීරණය වෙන්නට ඉඩ හැරීම උද්ධමනය ඉහළ යාමට ප‍්‍රබල හේතුවක් වනු ඇත. මේ ආකාරයට එකින් එක ගෙන විමසා බලන විට පෙනෙන්නේ රජය පසුගිය කාලයේ ගත් ආර්ථික ක‍්‍රියාමාර්ග ප‍්‍රශ්නකාරී බවය. රජය කොතරම් සාධනීය තර්ක ඉදිරිපත් කළත් ඒ ගනු ලැබූ තීරණ බොහොමයක් කිසිදු ප‍්‍රතිපත්තියකින් තොරව ගෙන ඇති බව මේ වන විට පැහැදිලිව දක්නට ලැබෙන්නකි. රුපියල නිදහසේ පාවෙන්නට හැරි පමණින් මෙරට වෙළෙඳපොළ තුලනයක් වන්නේ නැත. වෙළෙඳ පොළ තුලනයක් වීමට නම් රජය තවත් ක‍්‍රියාමාර්ග ගණනාවක් ගත යුතුය. මේ රටට ආනයනය කරන භාණ්ඩ හා සේවා දෙස බලන විට ඒවායෙන් බොහොමයක් දේ අනවශ්‍ය භාණ්ඩයි. ඒවා කප්පාදු කිරීමට රජය ගත් තීරණ මොනවාද? වාහන ආනයනය සීමා කිරීමට බදු වැඞී කිරීම එහි එක් පියවරක් විය හැකිය. ටින් මාළු නිෂ්පාදනය පසුගියදා ආරම්භ කෙරුණි. මේ ටින් මාළු නිපදවීමට අවශ්‍ය මාළු ආනයනය කරන්නේ චීනයෙනි. මෙයින් සිදුවන්නේ මෙරට මුදල් චීනයට සම්පේ‍්‍රෂණය කිරීමකි. ආනයන වියදම මේ හරහා වැඩිකර ගන්නා බවද කිව යුතුය. ආනයන අපනයන පාලන ක‍්‍රමවේදයක් අපට තිබේ නම් මෙවැනි දේ සිදුවන්ට ඉඩක් නැත. සියලූ කරුණු කාරණා ගැන සැලකිලිමත් වී තීරණ ගන්නවා මිස එදිනෙදා එක් එක් කරුණු ගැන සිතා තීරණ ගැනීම නොකළ යුතුය. අද අපනයනය වැඩි කිරීමට රුපියල අවප‍්‍රමාණය කර ආනයන අඩු කිරීමට හෙට බදු පැනවීම යනාදිය පැලැස්තර විසඳුම්ය. දිගින් දිගටම මේ පැලැස්තර විසඳුම් යෙදීමේ ප‍්‍රතිවිපාක දැන් ටිකෙන් ටික දැනෙමින් තිබේ. රජය දිගින් දිගටම කියා සිටියේ මේ සෑම දෙයක්ම කරන්නේ දිගුකාලීන අරමුණු ඇතිව බවය. එහෙත් ඊට වඩා සැඟවුණු අර්ථයක් මේ තුළ තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඕනෑ එපාකම් මත මෙරට ආර්ථීක ප‍්‍රතිපත්ති මුළුමනින්ම රැුඳී පවතින බවට බොහෝ අය තර්ක කළහ. එහෙත් රජය දිගින් දිගටම එය ප‍්‍රතික්ෂේප කළේය. මේ සම්බන්ධව කතා කිරීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගියදා නිකුත් කළ ලියැවිල්ල ඉතා වැදගත්ය. එනම් අවසන් මූල්‍ය වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් ඔවුන්නේ ස්ථාවරයයි. ලංකාවට ලබාදීය යුතු සමස්ත ණය මුදල වන ඇමරිකානු ඩොලර් බිලියන 2.6 ඊළඟ වාරිකය නිදහස් කරනවාද නැද්ද යන්න ගැන මෙහිදී කියා තිබේ. ඒ අනුව පසුගිය තුන්වැනිදා මූල්‍ය අරමුදල තීරණය කළේ ඩොලර් මිලියන 426.8 ක් නිකුත් කිරීමටය. මේ මුදල නිකුත් කරන අතර මූල්‍ය අරමුදල කියා සිටින්නේ හත්වැනි වාරිකය ලබාදීමට අවශ්‍ය විමර්ශන සිදු කළ බවත් අනාගතයේදී තවදුරටත් විමර්ශනය කිරීමට බලාපොරොත්තුවන බවත්ය. ඒ අවසන් වාරිකය නිකුත් කිරීමටය. ඒ අනුව මෙම ගිවිසුම 2012 ජූලි 23 දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව ප‍්‍රකාශ කොට තිබුණි. මේ සාකච්ඡුාවේදී ප‍්‍රධාන කරුණු ගණනාවක් පෙන්නා දී තිබේ. ලංකාවේ ක‍්‍රමවත් ආර්ථික වර්ධන වේගයක් පවතින බව ඔවුන් කියා තිබුණි. පෙරේදා මහ බැංකුව ප‍්‍රකාශ කළේ 2011 දී 8.3 ක ආර්ථික වර්ධනයක් පැවැති බවය. එය හිතකර තත්ත්වයකි. ඒ වගේම මෙරට උද්ධමනය තනි ඉලක්කමට පහත හෙළා ඇති බවද කියා තිබුණි. එහෙත් ලංකාව විශාල වශයෙන් ණය උගුලක සිරවී සිටින බවට චෝදනා කර තිබුණි. ලංකාව දිගින් දිගටම ණය ගැනීම ඉතාම නරක කරුණක් බව ද ඔවුන් පෙන්නා දී තිබේ. රුපියල අවප‍්‍රමාණය වීම වළක්වා ගැනීමට දිගින් දිගටම මෙරට විදේශ විනිමය සංචිත දියකර හැරියාය කියන චෝදනාවද මූල්‍ය අරමුදල එල්ල කර තිබේ. රජය දිගින් දිගටම විදේශ සංචිත යොදවා රුපියලේ අගය ආරක්‍ෂා කිරීමට කටයුතු කරන බව අප කියා සිටි විට රජය එය ප‍්‍රතික්ෂේප කළේය. එහෙත් මෙරට විදේශ සංචිත විනාශ වූයේ රුපියලේ අගය රැක ගැනීමට ඒවා යෙදවූ නිසා බව මූල්‍ය අරමුදල අද චෝදනා කර තිබේ. මෙරට බලශක්තිය සම්බන්ධ රාජ්‍ය ආයතන පාඩු ලබන බවත් එය ඉතාම අහිතකර තත්ත්වයක් බවත් මූල්‍ය අරමුදල පෙන්නා දී ඇති තවත් කරුණකි. අලූත් ප‍්‍රතිපත්ති කීපයක් සකසා ගැනීමට ශ්‍රී ලංකා රජය සහ මූල්‍ය අරමුදල එකඟ වූ බවද මූල්‍ය අරමුදල කියා තිබුණි. විදේශ සංචිත ආරක්‍ෂා කර ගැනීමට සහ එය දියවීම වැළැක්වීමට රජය සහ මහ බැංකුව එකතුවී යම් යම් ප‍්‍රතිපත්ති සෑදීමට එකඟ වූ බව මූල්‍ය අරමුදල කියා ඇති කරුණකි. ඒ සමග ඔවුන් තවත් තැනක කියා ඇත්තේ ලංකාවේ ආනයන වැඩිවී ඇති බවය. එනිසා වෙළෙඳ හිඟය විශාල වශයෙන් වැඞීවී ඇති බවද ඔවුන් පෙන්නා දී ඇති කරුණකි. මේවා අඩුකර ගැනීමට යම් යම් ප‍්‍රතිපත්තිවලට එළැඹීමට රජය මුල්‍ය අරමුදලට පොරොන්දු වී තිබේ. ලංකාවේ ජංගම ගිණුමේ ශේෂය අවම කරගැනීමටත් ඉන් පසු සංචිත අඩුවීම අඩුකර ගැනීමටත් මූල්‍ය සහ බදු ප‍්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට යම් යම් ප‍්‍රතිපත්ති එකඟතාවලට රජය කැමැත්ත පළ කළ බවද කියා තිබේ. පසුගිය කාලයේ යම් යම් තීරණවලට රජය එළැඹ ඇත්තේ මේ අනුවය. පෙබරවාරි නිකුත් කළ චක‍්‍රලේඛයට අනුව ලංකාවේ බැංකුවක් ණය දිය යුත්තේ සියයට 18 ක් පමණක් බව රජය තීරණය කර තිබේ. ඊට වඩා ණය දීම තහනම් කෙරුණි. මේවා මූල්‍ය අරමුදල නිකුත් කළ ලියැවිල්ලේ ඇති කරුණුය. මේවා කිරීමට රජය එකඟ වූ බව මූල්‍ය අරමුදල කියා තිබේ. ඉන්පසුව ඛනිජ තෙල් හා විදුලිබල ගාස්තු ඉහළ නැංවීමට මූල්‍ය අරමුදලත් සමග රජය එකඟ වී තිබේ. ඛනිජ තෙල් බදු වැඩි කිරීමට රජය එකඟ වී තිබේ. මේ ආකාරයට මූල්‍ය අරමුදලේ කොන්දේසි ගණනාවකට රජය එකඟ වූ බව මූල්‍ය අරමුදල නිකුත් කර ඇති වාර්තාව පැහැදිලිව ප‍්‍රකාශ කර ඇති බව කිව හැකිය. මේ අනුව බලනවිට මෑත භාගයේ ගත් බොහොමයක් ආර්ථික තීරණ මහින්ද චින්තනය මත පදනම්ව ඉදිරිය බලා ගත් තීරණ නොවේ. මේ තීරණ බහුතරයක් මූල්‍ය අරමුදලෙන් අපට ලැබීමට ඇති ණය මුදල ලබා ගැනීමට ඔවුන් පිනවීම සඳහා ගෙන ඇති බවය. මේ වාර්තාව අවසානයේ එක් තැනක ඔවුන් ප‍්‍රකාශ කරන්නේ ඉදිරියේදී මේ මූල්‍ය සැලසුම් තවදුරටත් වඩා යෝග්‍ය මට්ටමෙන් ශක්තිමත් කිරීමට රජය එකඟවූ බවය. අටවැනි ණය වාරිකය නිකුත් කිරීමට ජූලි මාසය දක්වා කල් ලබාදී ඇත්තේ මේ නිසාය. අලූත් අවුරුද්දෙන් පසුව ආර්ථිකයේ විශාල වෙනස්කම් සිදුවිය හැකි බවට වන සංඥා මේ අනුව නිකුත්ව ඇති බව වටහා ගන්නට පුළුවන. මේ පසුබිම දෙස බලන විට පැහැදිලිවන කරුණක් තිබේ. එනම් ලංකාව ගත් ආර්ථික තීරණ බොහොමයක් ස්වාධීනව ගෙන නොමැති බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම් මත මේ තීරණ ගෙන ඇති බවය. මේ ආකාරයට තීරණ ගත්විට වන අයහපත් තත්ත්වයක් තිබේ. එක් කරුණක් පමණක් වෙනස් කළද සමස්තය වෙනස් නොවීම ඉන් එකකි. වාහන ආනයන බදු වැඩි කිරීමෙන් ත‍්‍රීරෝද, යතුරු පැදි මිල වැඩි වුණි මේ වාහන පාවිච්චි කරන්නේ කවුද? යතුරුපැදියක් පාවිච්චි කරන්නේ රාජ්‍ය අංශයේ සාමාන්‍ය සේවකයෙකි. ගමේ කුඩා වෙළෙඳාමක් කරන කෙනෙකි. ඔවුන් වෙත එල්ල කරන පීඩනය කොතරම් සාධාරණද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කිරීමට පීඩාවට පත් කරන්නේ මෙරට සාමාන්‍ය ජනතාවය. ඒ වගේම රජය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන කොතරම් දුරට සත්‍යද යන සැකයද මතුවනු ඇත. 2009-2010 ජිවන වියදම් දර්ශකයට අනුව මහ බැංකුව ප‍්‍රකාශ කළේ හතර දෙනකුගෙන් යුත් පවුලක සාමාන්‍ය වියදම රුපියල් 32,400 කට වැඩි බවය. එහෙත් හිටපු වෙළෙඳ ඇමැතිවරයා ප‍්‍රකාශ කළේ තුන්දෙනෙක්ට ජීවත් වීමට රුපියල් 7,500 ක් ප‍්‍රමාණවත් බවය. ඒ මේ වසරේදීය. ඒ අනුව හතර දෙනකුට යන වියදම රුපියල් 10,000 කි. මෙකී කරුණු අනුව බලන විට මහ බැංකුව කියන දත්ත නිවැරැදිද යන ප‍්‍රශ්නය මතුවනු ඇත. මෙයට සමගාමීව උද්ධමනය දෙසද බැලිය යුතුය. පසුගිය කාලයේ පෙට‍්‍රල්, ඞීසල් මිල වැඩි වුණි. ඞීසල් වැඩිවූයේ සියයට 43 කිනි. වාහන මිල ගණන් සියයට 50, 60, 70 ආදී වශයෙන් වැඩි වුණි. තෙල් මිල වැඩිවීම නිසා පාසල් වෑන් රථ ගාස්තු සියයට 20 කින් වැඩිවුණි. බස් ගාස්තු සියයට 20 කින් වැඩිවුණි. සෑම දෙයකම පාහේ මිල ගණන් සියයට 20 කින් 30 කින් වැඩිවූ ආකාරයක් දැකගත හැකිය. මේ වනවිට යෝගට් එකක මිල රුපියල් පහකින් වැඩිවී තිබේ. රුපියල් හතරට තිබූ ගිනි පෙට්ටියේ මිල රුපියල් 9.00 දක්වා වැඞීවී තිබේ. ඒවායේ මිල වැඩිවීම සියයට සියයකි. මේ සියල්ල බර තබා බැලූවහොත් ලංකාවේ මිල උද්ධමනය තනි ඉලක්කමක තිබේද යන පැහැදිලි සැකය අපට ඇති වේ. උද්ධමනය ගණනය කිරීමේ ක‍්‍රම ඇතැම්විට වෙනස් කර තිබෙන්නට පුළුවන. එසේ නැති නම් කුමක් හෝ වැරැද්දක් තිබෙන බව එදිනෙදා ජීවිතයට මුහුණ දෙන ජනතාවට දැනෙනු ඇත. එළවළු මිල මේ කාලයේ අඩුවී ඇති බව සත්‍යයකි. එහෙත් අනෙකුත් සියලූ දේවල මිල ගණන් වැඩිවෙමින් තිබේ. කෙසේ වෙතත් මේ උද්ධමනයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ පූර්ව සැලැස්මකින් තොරව තීන්දු තීරණ ගැනීමය. ත‍්‍රීරෝද රථයක මිල වැඩි කිරීම යනු ඒවායෙන් ගෙනගොස් අලෙවි කරන පාන් රත්තලේ මිලද වැඩිවීමකි. එළවළු ටිකේ මිල වැඩිවීමය. මේ අනුව එක් භාණ්ඩයක මිල වැඩි කළ විට එහි බලපෑම එන්නේ එකතුවෙලාය. එනිසා රජය ආර්ථික තීරණ ගත යුත්තේ මීට වඩා සැලකිල්ලෙනි. සමස්ත ආර්ථිකයට වන බලපෑම ගැන සිතනවා මිස එක් ඒකකයකට වන බලපෑම ගැන නොසිතිය යුතුය. එහෙත් රජය බොහෝ විට අවධානය යොමු කරන්නේ තම තීරණවලින් එක් කුඩා ඒකකයකට වන බලපෑම ගැන පමණි. මේ යන ගමන හේතුවෙන් ආර්ථිකයේ මූලිකම කරුණු තුන අවදානමකට ලක්වී තිබේ. විදේශ විනිමය අනුපාත, විදේශ විනිමය සංචිත පාලනය කර ගැනීමට රජයට නොහැකි වී තිබේ. ලංකාවේ පොලී අනුපාත පාලනය කර ගැනීමට නොහැකිවීම දෙවැන්නය. උද්ධමනය පාලනය කර ගැනීමට නොහැකිවීම තුන්වැන්නය. සංඛ්‍යාලේඛන මොනවා පෙන්නුම් කළත් අපට දැනෙන උද්ධමනය ඉතා ඉහළය. බලා සිටිද්දී පොලී අනුපාත ඉහළ යමින් තිබේ. රුපියල පිරිහීමද වේගවත්ය. මෙකී කරුණු තුන පාලනය කරගත නොහැකි නම් එම ආර්ථිකයේ දිගුකාලීන ගමන ගැන ප‍්‍රශ්නයක් මතුවනු ඇත. කෙටිකාලීන පැලැස්තර යොදා තීරණාත්මක සාධක වෙනස් කිරීමට යාමෙන් ආර්ථිකය කඩා වැටෙන්නට පුළුවන. මේ වෙනස්කම් සැලැස්මකට අනුව නොකරන තාක් කල් කෙටිකාලීන යහපතක් සිදුවුවත් දිගුකාලීන අයහපතක් වන බව රජය පිළිගත යුතුය. මේ රටේ විපක්‍ෂයද මෙරට ආර්ථික ගැටලූව හරියට වටහා ගෙන නැත. මෙතෙක් කල් දක්නට ලැබුණේ දේශපාලනයේදී කරන දේශපාලන විහිළුය. මේ විහිළු වේදිකාවට ගෙනාවිට විපක්‍ෂය ඒවායේ එල්ලෙනු ඇත. දකුණු පළාත් සභාවට අනර්කලී ඉදිරිපත් කළ විට විපක්‍ෂනායකවරයා කතා කළේද ඇය ගැනය. ආර්ථික ප‍්‍රතිපත්ති ගැන නොවේ. එහෙත් දේශපාලනයට කොටුවූ මේ විහිළු දැන් ආර්ථීකයටත් එකතු කරගෙන තිබේ. ආර්ථිකයේ බරපතළ අවස්ථාවල ආර්ථීක විහිළු එළියට දැමීම අරඹා තිබේ. අද 2500 ක් අල්ලාගෙන කෑ ගැසීමද ඉන් එකකි. අද තිබෙන්නේ 2500 ක ගැටලූවක් නොවේ. ඊට වඩා බරපතළ ගැටලූ රැුසක් තිබේ. ඒවා ගැන විපක්‍ෂයේ අවධානය යොමුවී නැත. ඒ වෙනුවට කරන්නේ ආර්ථික විහිළුවල එල්ලී කෑ ගැසීමය. ජිනීවා හරහා මෙරට මත සූරාකෑමක් වුණි. ජනතාව පාරට බැස්සේ ජිනීවා ගැන කිසිවක් නොදැනය. ඒ යම් යම් අයගේ උසි ගැන්වීම් මතය. ඇමරිකන් බඩු වර්ජනය කිරීමට කතා කළද ඇමරිකන් නියෝජිත පිරිසක් පසුගියදා ලංකාවට පැමිණියහ. ඒ ද්විපාර්ශවික ගිවිසුම් කීපයකට එළඹීමටය. එනිසා ආර්ථික විහිළුවලට හසු නොවී ජනතාව හමුවේ සත්‍යය කතා කිරීමට විපක්‍ෂය දත යුතුය.

වයඹ විශ්ව විද්‍යාලයේ වාණිජ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා
සටහන - චමින්ද මුණසිංහ

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top