Feb 22, 2019

අලෙවි සහයක යුවළට DLB සොෆ්ට් හාට් පදනමෙන් නිවසක්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ “සොෆ්ට් හාට් පදනම” අනුග්‍රහයෙන් ඉදිකරන ලද ප්‍රථම නිවස අලෙවි සහයක ඩබ්.ඩබ්. සෝමසිරි ප්‍රනාන්දු මහතා සහ එම මහත්මිය වෙත පිරිනැමීම පසුගිය 14දා සිදුවිය.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග අත්වැල් බැද සිටින අතිශය ජීවන දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන අලෙවි නියෝජිත, අලෙවි සහයක මහත්ම මහත්මීන් ඇතුළුව ටිකට්පත් මිළදී ගන්නා පාරිභෝගිකයන් වෙනුවෙන් පිළිසරණක් වීමේ අරමුණින් සොෆ්ට් හාට් පදනම පිහිටුවා ඇත.

විවිධ දානපතියන්ගේ ධන පරිත්‍යාගයන් ඒකරාශී කර ගනිමින් පිහිටුවා ඇති සොෆ්ට් හාට් පදනමේ ප්‍රථම සමාජ සත්කාරය ලෙස මීට මසකට පෙර මොරටුව කටුබැද්ද පහල ඉදිබැද්ද ලිපිනයෙහි පිහිටි ඩබ්.ඩබ්. සෝමසිරි ප්‍රනාන්දු අලෙවි සහයක මහතාගේ ඉඩමෙහි නව නිවස සදහා මුල්ගල තැබීම සිදුවිය.

මසක් වැනි කෙටි කාලයක් තුළ නිවස නිමවා ඔවුන් වෙත පිරිනැමුණි.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතා,සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) විජිතා සෝමරත්න මෙනවිය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි) චානක දොඩන්ගොඩ මහතා, සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා ඇතුළු සොෆ්ට් හාට් පදනමේ නිළධාරීන් සහභාගී විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top