Pasidol
Sathosa Ad Final Sinhala
Jan 13, 2017

කටුනායක වැඩකටයුතු සාර්ථකව ඉදිරියට - ශ්‍රී ලංකන්

මගීන් හට සිදුවන අපහසුතා අවම කරගනිමින් ඉතා කාර්යක්ෂම ලෙස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ සිය මෙහෙයුම් තවදුරටත් සිදුකරමින් යන බව ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන්සේවය පවසයි.

ධාවන පථයේ අලුත්වැඩියා කටයුතු සඳහා ජනවාරි 06 - අප්‍රේල් 06 දක්වා තෙමසක කාලය පුරාවට උදෑසන 8.30 සිට සවස 4.30 දක්වා කටුනායක ගුවන්තොටුපල වැසේ.

මේ හේතුවෙන් ගුවන්ගමනට පැය 5ක කාලයක් කලින් ගුවන්තොටුපල වෙත පැමිණෙන ලෙස මගීන් හට නිවේදනය කර තිබේ.

කෙසේවෙතත්, ශ්‍රී ලංකන් ගුවන්සේවය, සිවිල් ගුවන්සේවා අධිකාරිය හා ආරක්ෂක බලධාරීන් ගේ කාර්යක්ෂම හේතුවෙන් ගුවන් තොටුපලේ වැඩකටයුතු යුහුසුලුව සිදුකරගෙන යාමට හැකි බව එම ගුවන්සේවය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරී - සුරේන් රත්වත්ත මහතා පවසා ඇත්තේ හැකිතාක් කාර්යක්ෂම හා නොබිඳුනු සේවාවක් ලබාදීමට සියළු පාර්ශව වලින් ලැබෙන සහය මහත් සේ අගය කරන බවයි. මෙම අභියෝගාත්මක කාලසීමාව තුළ වෙහෙස නොබලා කටයුතු කිරීම පිළිබඳව ගුවන්තොටුපලේ කාර්ය මණ්ඩලයටත්, වේලාසනින් ගුවන්තොටුපලට පැමිණෙන මගීන්ටත් සිය ස්තූතිය පුදකර සිටින බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Srilankan1 670px 13 01 17

Srilankan2 670px 13 01 17

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top