Feb 26, 2019

HSBC Colombo Fashion Week හෙට ඇරඹෙයි

මෙරට විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රය සුවිසල් වෙනසකට ලක් කරමින් 2003 වසරේදී ආරම්භ කරන ලද Colombo Fashion Week 16 වැනි වසරට එළඹ ඇත.

Colombo Fashion Week සමග දොළොස් වැනි වරටත් එක්ව ඇති HSBC බැංකුවමෙහි ප්‍රධාන හවුල්කරු මෙන්ම නුග්‍රාහක ලෙසින් කටයුතු කරන අතර ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ උන්නතිය සඳහා වන Colombo Fashion Week දැක්ම පිළිබඳව වුන් සිය ප්‍රසාදය පළ කර සිටී.

කොළඹ නගරයේ විලාසිතා නිර්මාණකරණයේ සුවිශේෂී නවාතැන්පොළක් බවට පත්කිරීම වෙනුවෙන් colombo fashion week සඳහා ප්‍රධාන පෙළේ හෝටල් තුනක දායකත්වය ලැබී තිබේ. ඒ අනුව Colombo Fashion Week 16 වැනි අදියර හෙට (28) ගාලු මුවදොර හෝටලයේ දී ද මාර්තු 01දා ෂැංග්‍රිලා හෝටලයේදී ද මාර්තු 02දා කොළඹ හිල්ටන් හෝටලයේදී ද පැවැත්වෙනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top