Feb 26, 2019

DLB, මහනුවරදී අලෙවි කුටි සහ ට්‍රයිසිකල්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි ජාලය දිරිමත් කිරීම සදහා ක්‍රියාත්මක කරන අලෙවි කුටි 500ක් සහ ආබාධිත අලෙවි සහයකයින් සදහා ට්‍රයිසිකල් බෙදාදීමේ වැඩසටහනේ තවත් අදියරක් පසුගිය පෙබරවාරි 19 වන දින මහනුවරදී සිදුවිය.

එහිදී මහනුවර දිස්ත්‍රික්කයේ අලෙවි නියෝජිතයින් 54 දෙනෙක් සදහා නව අලෙවි කුටි ලබාදීම සිදුවිය. රුපියල් 43,000/- ක් වටිනා ලොතරැයි අලෙවි කුටියක් සදහා අදාළ වටිනාකමින් 50%ක් පමණක් අය කර ගනිමින් සිදුකරන මෙම සත්කාරය යටතේ දැනට දිස්ත්‍රික්ක 12 සදහා නව අලෙවි කුටි ලබාදී ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමග එක්ව සිටින මහනුවර දිස්ත්‍රික් ආබාධිත අලෙවි සහයකින් අට දෙනෙක් සදහාද සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වියදමින් ට්‍රයිසිකල් ලබාදීම එහිදී සිදුවිය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති එස්.ඒ.පී සූරියප්පෙරුම මහතා සහ විකුණුම් උපදේශක විජය සමරණායක මහතා සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න සහ මහතා මහනුවර දිස්ත්‍රික්ක කලාප කළමනාකරු සුනිල් රත්නායක මහතා සහභාගී විය.

තවද මහනුවර දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත එස්.එම්.පී.එස්.ජයවර්ධන මහත්මිය, එස්.ඩබ් ඔස්මන් සිල්වා මහතා, ටී.ආර්.එස් අබේරත්න මහතා, ධනංජය රත්නායක මහතා සහ ලංකාවේ වැඩිම අලෙවියක් සිදුකරන අලෙවි නියෝජිත ඇලඩින් පෙරේරා මහතා යන අය සහභාගී විය.

DLB1 670px 19 02 26

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top