Feb 26, 2019

මැරියට් කුළුණ නිල වශයෙන් ආරම්භ කෙරේ

ද වන් ට්‍රාන්ස්වර්ක්ස් ස්ක්වෙයාර් (The One Transworks Square (pvt) ltd) සමාගම විසින් ජේ. ඩබ්ලිව් මැරියට් ඇන්ඩ් රෙසිඩන්සීස් නමින් දෙවැනි කුළුන ආරම්භ කරමින් නිල වශයෙන් එම සමාගමේ උසස් සහ සුඛෝපභෝගී සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර දියත් කළේය.

අති නවීන මේ හෝටලය කාමර 256 කින් හා නිවාස 206 කින් සමන්විත වන අතරම එහි උත්සව සඳහා වර්ග අඩි දෙලක්ෂයකට වැඩි ඉඩකඩක් වෙන්කර තිබීම ද විශේෂිතය. මේ කුළුණේ උස මීටර් 303 කි.

මෙම කුළුණේ 26 වැනි මහලේ සිට 70 වැනි මහල දක්වා මහල් නිවාස සඳහා වෙන්කර ඇත.

වර්ග අඩි 1235 සිට වර්ග අඩි 2730 දක්වා විශාල ඇති සුඛෝපභෝගී නිවාස ඇති අතර හැට පහේ සිට 70 දක්වා මහල්වල වර්ග අඩි 3900 සිට වර්ග අඩි 4700 දක්වා විශාල ඇති සුඛෝපභෝගී නිවාස පිහිටා ඇත.

Mariat1 670px 19 02 26

Mariat2 670px 19 02 26

Mariat3 670px 19 02 26

Mariat4 670px 19 02 26

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top