Mar 01, 2019

NTB ඇමරිකන් එක්ස්ප්‍රස් කාඞ් වෙතින් සුපිරි වෙළඳසැල්වලදී සුපිරි වාසි

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් හිමියන්ට දිවයිනේ ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල්වලදී සුවිශේෂී ඉතුරුම් අවස්ථා පිරිනමන ප්‍රවර්ධන වැඩසටහනක් මේ වනවිට දියත් කර ඇත.

මාළු, මස්, නැවුම් එළවලූ‍ හා කිරි ආහාර වර්ග ඇතුළු එදිනෙදා භාණ්ඩ වර්ග රාශියක් සඳහා මෙම ඉතුරුම් හිමි වේ. කීල්ස් සුපර්, කාගිල්ස් ෆුඩ් සිටි, ආපිකෝ සහ ග්ලෝමාක් වැනි අලෙවිසැල් වලදී මෙම ඉතුරුම් හිමිකරගැනීමට කාඞ්පත් හිමියන්ට අවස්ථාව සැලසෙනු ඇත.

මේ පිළිබඳව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඞ්පත් ප්‍රධානී නිලූ‍ක ගුණතිලක මහතා සිය අදහස් පළ කළේ මෙලෙසිනි. ‘‘ගනුදෙනුකරුවන් විශ්මයට පත්කරන වාසි ලබාදීමට අප සැමවිටම උත්සාහ කරනවා. ඔවුන්ට ඉතුරුම් පිරිනැමීම උත්සව සමයට පමණක් සීමා විය යුතු නැහැ. එනිසා, එදිනෙදා අවශ්‍ය වන භාණ්ඩ මිලදීගැනීමේදී ගනුදෙනුකරුවන්ට සහන සැලසීම සඳහා වසර පුරාම ඉතුරුම් සහ වෙනත් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අප පියවර ගෙන තිබෙනවා. සුපිරි වෙළඳසැල්වලදී ඉතුරුම් ලබාදෙන මෙම වැඩසටහන එහි එක් පියවරක්. ගනුදෙනුකරුවන් අප පිළිබඳව තබා ඇති විශ්වාසය වෙනුවෙන් ඔවුන්ට අපගෙන් ලැබෙන තිළිණයක් ලෙස මෙය හැඳින්විය හැකියි.”‍

මෙම වැඩසටහන යටතේ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප්‍රස් කාඞ්පත් හිමියන්ට කාගිල්ස් ෆුඞ් සිටි අලෙවිසැල් වලදී රු. 2,500 වැඩි භාණ්ඩ මිලදීගැනීමේදී නැවුම් එළවලූ‍ සහ මාළු වර්ග සඳහා 25% ක ඉතුරුම්ද (2019 මාර්තු 31 දින තෙක් සති අන්තයේ පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12 දක්වා), කීල්ස් අලෙවිසැල් වලදී රු. 3,000 කට වැඩි භාණ්ඩ මිලදීගැනීමේදී තෝරාගත් භාණ්ඩ සඳහා 20% ක ඉතුරුම්ද (2019 පෙබරවාරි 28 දින තෙක්), ආපිකෝ අලෙවිසැල් වලදී රු. 3000 වැඩි භාණ්ඩ මිලදීගැනීමේදී මස් වර්ග සඳහා 20% ක ඉතුරුම්ද (2019 මාර්තු 31 දක්වා සති අන්තවලදී) හිමි වේ. එමෙන්ම ග්ලෝමාක් අලෙවිසැල් වලදී රු. 1,000/- වැඩි බිල්පත් සඳහා කිරි නිෂ්පාදන වෙනුවෙන් 15% ක ඉතුරුම් (2019 පෙබරවාරි 28 දක්වා) හිමිවනු ඇත.

මෙම වැඩසටහනේ නියමයන් හා කොන්දේසි ඇතුළු වැඩිදුර විස්තර www.americanexpress.lk වෙතින් හෝ පැය 24 පුරා ක්‍රියාත්මක (011- 4 414141) පාරිභෝගික සේවා අංකයෙන් ලබාගත හැක. තවදIOS සහ ඇන්ඩ්‍රෙොයිඩ් සඳහා භාවිතා කළ හැකි නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ Nations Mobile Banking app මගින්ද නවතම තොරතුරු පහසුවෙන් ලබාගත හැකි වේ.

'Business Today' සඟරාව විසින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 30 අතරට නම්කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මූල්‍ය සේවාවන් හා විසඳුම් රැුසක් හඳුන්වා දී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පාරිභෝගික සේවාව සම්බන්ධයෙන්ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල් බැංකුව වන ත්‍රසඵස හඳුන්වා දෙන ලද්දේද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 94 ක් විවෘත කර ඇති අතර ATM යන්ත්‍ර 127 ක්ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 44 ක්ද ස්ථාපිත කර ඇති අතර Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,500 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ වී සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top