Mar 04, 2019

ජොහාන් විජේසිංහ ලිට්‍රෝ ගෑස් සභාපති ධුරයට

මෙරට ඉහළ පෙළේ වෘත්තිකයකු වන ජොහාන් විජේසිංහ මහතා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත්ව ඇත.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 පෙබරවාරි 26 දා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්වීම සිදුකර තිබේ.

ජොහාන් විජේසිංහ මහතා ශ්‍රීලංකන් ගුවන්සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයකු ද වේ. ජොහාන් විජේසිංහ මහතා මීට පෙර ශ්‍රීලංකන් ගුවන්සේවයේ ඉහළ පෙළේ තනතුරු කිහිපයක්ම හෙබවූවෙකි. 2008 වසරේ දී ඔහු ශ්‍රීලංකන් ගුවන්සේවයෙන් ඉල්ලා අස්වන විට ඔහු එහි වසර 19 ක් සේවාකාලයක් සපුරා තිබූ අතර ශ්‍රීලංකන් ගෝලීය භාණ්ඩ මෙහෙයුම් ප්‍රධානියා ලෙසින් කටයුතු කළේය.

එසේම ලන්ඩන්, සිංගප්පූරු හා ඉන්දුනීසියා හි ශ්‍රීලංකන් කාර්යාලයීය ප්‍රධානියා ලෙසින් ද විජේසිංහ මහතා කටයුතු කර ඇත.

Alufab PLC හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසින් වත්මනෙහි කටයුතු කරන ඔහු හේලීස් සමූහයේ ගුවන් අංශයේ ප්‍රධානියා ලෙසින් ද කටයුතු කරනු ලබයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top