Mar 05, 2019

මංගල, ෂම්මුගසුන්දරම් ලිට්රෝ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කරයි

ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර සිටි ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ්) නැමැත්තා වහාම ක්‍රියාත්මකවන පරිදි ඉන් ඉවත් කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

මුදල් අමාත්‍යවරයා මේ තීරණය ගෙන ඇත්තේ ඔහු වර්තමාන ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ LPG ගෑස් සැපයුම් කරු වන OTI (ඕමාන් ට්‍රේඩිං ඉන්ටර්නැෂනල්) සමාගමේ බලය ලත් දේශීය නියෝජිතයා වශයෙන් 2018 වසර දක්වාම ක්‍රියාකලඅයකු බව මාධ්‍ය වාර්තා කිරීමත් සමඟය.

ෂන්මුගසුන්දරම් මහතා අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කර ඇත්තේ අමාත්‍යවරයකු විසින් මුදල් අමාත්‍යවරයාට ඔහු සම්බන්ධයෙන් කළ නිර්දේශයකට අනුව බව පැවසේ.

මේ සම්බන්ධයෙන් ඊයේ (04) සිරස රූපවාහිනිය ද වාර්තා කර තිබිණි.

ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ්) OTI සමාගමේ බලය ලත් දේශීය නියෝජිතයා බවට OTI සමාගම මගින් තම ලිපි ශීර්ෂය යටතේ ලිට්ට්‍රෝ වෙත දන්වන ලද ලිපියත්, ෂන්මුගසුන්දරම් දේවනායගම් (මුරුගේෂ්) තමන්ගේම ලිපි ශීර්ෂයක් යටතේ තමා OTI සමාගමේ බලය ලත් දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන බවට ලිට්ට්‍රෝ වෙත දන්වන ලද ලිපියත්, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ෂන්මුගසුන්දරම් දේවනායගම් ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු වශයෙන් පත්කල බවට නිකුත් කරන ලද ලිපියත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් R H S සමරතුංග මහතා විසින් ෂන්මුගසුන්දරම් දේවනායගම් ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ වරයෙකු වශයෙන් පත්කල බවට නිකුත් කරන ලද ලිපියත්, ෂන්මුගසුන්දරම් දේවනායගම් නැවතත් තමන්ගේ ලිපි ශීර්ෂය යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තුමාට ස්තූති කරමින් යවන ලද ලිපියත් පහත දැක්වේ.

MangalaLitro1 670px 19 03 05
MangalaLitro2 670px 19 03 05
MangalaLitro3 670px 19 03 05
MangalaLitro4 670px 19 03 05
MangalaLitro5 670px 19 03 05
MangalaLitro6 670px 19 03 05

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top