Mar 07, 2019

ලොව මිල අධිකම කාර් රථය එළිදකියි

ප්‍රංශයේ සුපිරි කාර් නිෂ්පාදන සමාගමක් වන බුගර්ට් සමාගම විසින් ලොව මිල අධිකම මෝටර් රථය එළිදක්වා ඇතැයි වාර්තා වේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 11කට වැඩි බදු පෙර වටිනාකමකින් යුත් මෙම කාර් රථය මිලදී ගෙන ඇති පුද්ගලයා කවුදැයි තවමත් නිල වශයෙන් හෙළිදරව් කර නැත. කෙසේවෙතත්, නිල නොවන වාර්තා වලට අනුව මෙම මෝටර් රථය මිලදීගෙන ඇත්තේ පෝෂේ සමාගමේ නිර්මාතෘවරයාගේ මුණුබුරා බව පැවසේ.

ෆෝඩ් ෆියෙස්ටා මෝටර් රථයක මෙන් 20 ගුණයක් පමණ එංජින් ධාරිතාවකින් යුත් මෙම මෝටර් රථය නිපදවා ඇත්තේ බුගර්ට් සමාගමේ 110 වැනි සංවත්සරය සඳහා ය.

La Voiture Noire නම් මෙම මෝටර් රථයේ පිටත කළු කාබන් ෆයිබර් වලින් නිමවා ඇති අතර, එය අශ්වබල 1,600 කින් හා සිලින්ඩර 06කින් යුත් එංජිමකින් යුක්ත වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top