Mar 07, 2019

සම්පත් බැංකුවේ ලොක්කෝ සංවිධානාත්මකව වංචා කරලා    Featured

සම්පත් බැංකුවේ සිටින ඉහළම නිලධාරීන් පිරිසක් විසින් තැන්පත්කරුවන්ගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර ඇත්තේ ඉතා සංවිධානාත්මකව බව රහස් පොලිසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් අධිකරණය නියෝග පරිදි විශේෂ පරීක්ෂණයක් පවත්වන රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි. ඩී. එස්.  වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ බව අනාවරණය කරගෙන තිබේ.  
 
ගිණුම් හිමියන්ගේ අනුදැනුමකින් තොරව රුපියල් කෝටි 8 කට අධික මුදලක් සාපරාධි විශ්වාසය කඩකර සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය වෙත ලෝක ප්‍රසිද්ධ රන් සම්මාන ලාභි ආයුර්වේද වෛද්‍යවරයෙකු වන කැලුම් හර්ෂ වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලකට අනුව සම්පත් බැංකුවේ මහා පරිමාණ මූල්‍ය වංචාව පිළිබඳ තොරතුරු අනාවරණය විය.  
 
එම වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය  පැති කිහිපයක් ඔස්සේ මේ වන විට පුළුල් පරීක්ෂණයක් පවත්වනු ලබයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top