Mar 12, 2019

රයිගම් ටෙලීස් 2018 නිර්දේශිත නාම එළි දකියි

රයිගම් ටෙලීස් 2018 දේශීය සම්මාන උළලේ නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ උත්සවය කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ කින්ස්බරි හෝටලයේදී ඉකුත් දා පැවැත්වුනි.

ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා ප්‍රමුඛ නළු නිළියන් රැසක් සහභාගි වී සිටි රයිගම් ටෙලීස් 2018 නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ උත්සවය අමතමින් ද කිංඩම් ඔෆ් රයිගම් සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා මෙසේ පැවැසීය.

"මෙරට පාරිභෝගික ජනතාවට ඉතාම සමීප සැබෑ ප්‍රදේශීය සමාගමක් ලෙස රූපවාහිනී ක්ෂේත්‍රයේ සියලුම අංශයන් ආවරණය වන පරිදි දැවැන්ත සම්මාන උළෙලක් 15 වැනි වරටත් පැවැත්වීමට ලැබීම අප ලබාගත් ජයග්‍රහණයක්. දිනපතා අප ආලින්දයට රස ගෙනෙන ශිල්පීන් අගයමින් ඒ තුළින් හොඳ නිර්මාණ බිහි කිරීමට දායක වීමත් රයිගම් ටෙලීස් විසින් ඉටුකළ බව මාගේ හැගීමයි."

රයිගම් ටෙලීස් 2018 නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ උත්සවයේ ඡායාරූප එකතුවක් පහතින් දැක්වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top