Mar 13, 2019

TRI-ZEN නිවාස ගන්න HNB වෙතින් කාන්තාවන්ට විශේෂ ණයක් !

හැටන් නැෂනල් බැංකුව සහ ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමාගම එක්වී, TRI-ZEN නිවාස ව්‍යාපෘතියේ නිවාස සඳහා ආයෝජනය කරන කාන්තාවන්ට විශේෂ ණය පහසුකම් ලබාදීමට පියවර ගෙන තිබේ.

කොළඹ වොක්ෂෝල් වීදියේ පිහිටා ඇති TRI-ZEN ආදර්ශ නිවාසයේ මේ පිළිබඳව දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය විය.

මෙම ණය පහසුකම යටතේ නිවාස වල වටිනාකමින් සියයට අසූවක් දක්වා ණය පහසුකම් හිමි වන අතර ආපසු ගෙවීමේ කාලය වසර 25ක් දක්වා හිමිවේ.

එසේම මූලික ණය මුදල ආපසු ගෙවීම සඳහා වසර 5ක් දක්වා සහන කාලයක් හිමි වන අතර වසර 5ත් 10ත් අතර කාලයක් දක්වා ස්ථාවරව පවත්වාගත හැකි ආකර්ශනීය පොලී අනුපාතයක් ද හිමිවේ.

මේ අනුව නිවසක් වෙන් කරවා ගැනීම සඳහා ගෙවිය යුත්තේ වටිනාකමින් සියයට 5 ක් වන අතර ආයෝජකයාගේ කොටස් දායකත්වය සියයට 15කි.

මෙම ණය මුදල දින තුනක් ඇතුළතදී ලබාදීමට ද හැටන් නැෂනල් බැංකුව කටයුතු යොදා තිබීම විශේෂිතය.

රට පුරා විසිරී ඇති හැටන් නැෂනල් බැංකු ශාඛා 251 අතරින් තමන් කැමති ශාඛාවකින් මෙම ණය මුදල ලබා ගැනීමට ද හැකියාව තිබේ.

Trizen1 670px 19 03 13

එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජොන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරිනිය වන රොෂානි ජයසුන්දර මොරායස් මහත්මිය කියා සිටියේ “විශේෂයෙන්ම රැකියා ස්ථාන සහ පාසල් වලට නුදුරින් TRI-ZEN නිවාස ව්‍යාපෘතිය පැවතීම ප්‍රායෝගිකව හා ලාභදායී විසදුමක් බවත්, හැටන් නැෂනල් බැංකුව සමග එක්වී මෙම ණය ක්‍රමය හඳුන්වා දීම නිසා කාන්තාවන්ට මේ නිවාස මිලදී ගැනීම දැන් තවත් පහසුවී ඇතැයි” ඇය පැවසුවාය.

Trizen2 670px 19 03 13

නිවාස හා දේපළ මිලදී ගැනීම කාන්තාවන් වෙතින් පළවෙමින් පවතින උනන්දුව සහ විශේෂයෙන් TRI-ZEN නිවාස ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉල්ලුම ඉහළ යමින් පැවතීම නිසා මේ ආකාරයට ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම හා එක්වී නිවාස ණය ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කළ බව හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන කළමනාකරු/ පුද්ගලික මූල්‍ය විසඳුම් ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවැසීය.

ජෝන් කීල්ස් සමාගම සහ ඉන්ද්‍රා ට්‍රේඩර්ස් පුද්ගලික සමාගම අතර හවුල් ව්‍යාපෘතියක් ලෙස ඉදිවන TRI-ZEN නිවාස ව්‍යාපෘතිය 2023 වසරේ දී සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන් කිරීමට නියමිතය.

කොළඹ නගරය මධ්‍යයේ පිහිටි මේ ව්‍යාපෘතිය නිවාස පනස් තුනකින් යුක්තවන අතර ඒවා smart home සංකල්පයට අනුව මේවා ඉදිකිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top