Mar 19, 2019

Isuzu D Max එළදකියි

Colombo Motor Show 2019 ප්‍රදර්ශනයේදී Isuzu D Max රථය මෙරටට හඳුන්වා දීමට සතොස මෝටර්ස් සමාගම (SML) පසුගියදා කටයුතු කර තිබුණි. මෙම අවස්ථාවට මෙරට රථවාහන සමබන්ධයෙන් උනන්දු වන විශාල පිරිසක් සහභාගී වූහ.

නවතම ඉසුසු ඩබල් කැබ් රථ මාදිලි අතර ඉදිරියෙන්ම ඇති මෙම රථයෙහි 4JJ1 Common Rail Isuzu 3 liter ඩීසල් එන්ජින් ඇතුළත් වී ඇත.

එමෙන්ම වේග 6 ගියර් පද්ධතියක්ද ඇතුළත් නිසා එය වැඩි බලයක් සහ විශ්වාසදායී ක්‍රියාකාරීත්වයක්ද ලබාදෙයි. රථයේ පෙනුමද බෙහෙවින් වැඩිදියුණු කර ඇති අතර පහසුව, ආරක්ෂාව සහ අලංකාරය යනාදී සියලූ‍ අංශ වැඩිදියුණු වී තිබේ.

Isuzu D Max යනු ආසියානු කලාපයේ ජනප්‍රිය වෙමින් පවතින ඩබල් කැබ් මාදිලි පෙළකි. දශක ගණනාවක් තිස්සේ වැඩිදියුණු වෙමින්, කලාපයේ මාර්ග හා දේශගුණ තත්ත්වයන්ට හොඳින් ගැළපෙන ආකාරයට සකස් වී තිබීම මෙම ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවක්. 2019 වර්ෂය සඳහා හඳුන්වා දෙන රථය අලංකාරය පැත්තෙනුත් වැඩිදියුණු කර තිබෙන නිසා එයට ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකු ආකර්ෂණය වේවි.”‍ සතොස මෝටර්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එශාන් කුරේ මහතා පැවසී ය.

EURO IV ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කර ඇති නව Isuzu D Max රථයේ ‘වීල්බේස්’ එක වැඩිදියුණු කර ඇත්තේ වඩාත් ස්ථායී ගමනකට උපකාරී වන පරිද්දෙනි. එමෙන්ම ඩබල් කැබ් කාණ්ඩයේ රථ අතරින් මගීන් සඳහා ඇති කොටසේ වැඩිම ඉඩක් සහිත රථය මෙය වන අතර, මාර්ගය කුමක් වුවත් මගීන්ට උපරිම සුවපහසුවක් ලැබෙන ලෙස එය නිර්මාණය කර ඇත.

Isuzu D Max කවදත් ඉහළ ක්‍රිකාරීත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලූ‍ රථයක්. මේ නව රථයක් සමග ඒ සම්ප්‍රදාය තවත් වැඩිදියුණු වී තිබෙනවා. මෙය නිපදවා ඇත්තේ ගමනට බිමනට ප්‍රයෝජනවත් වන ආකාරයට මෙන්ම, රිය පැදවීමේ තෘප්තිය උපරිමයෙන් ලැබෙන ආකාරයටයි. නිෂ්පාදන සමාගම මගින්ම සවිකරනු ලබන Chrome exterior package එකට අමතරව entertainment system එකක්, touch-screen media player සහ reverse camera ඇතුළු බොහෝ විශේෂාංග මීට ඇතුළත් වී තිබෙනවා.”‍ SML සමාගමේ සාමාන්‍යධිකාරී (අලෙවි) ඩර්ක් ජොෂුවා මහතා පැවසීය.

ඉසුසු රථවාහන සඳහා නිල නියෝජිත ලෙස SML සමාගම වසර 56 ක් තිස්සේ කටයුතු කරයි. ඒ අනුව එය ලොව ඉසුසු සමාගමේ නිල නියෝජිතයෙකු ලෙස වැඩිම කාලයක් කටයුතු කළ සමාගම බවට පත්වී ඇත. මේ ශක්තිමත් සම්බන්ධතාව නිසා ඉතාම විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමට SML සමාගමට හැකිවී තිබේ.

‘‘ඉසුසු ට්‍රක් රථ වල ක්‍රියාකාරීත්වය සහ උසස් ප්‍රමිතිය නිසා එය ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ජපන් ට්‍රක් රථ සන්නාමය බවට පත්වී තිබෙනවා. ඒ වගේම පාරිභෝගිකයන්ට විශ්වාසයෙන් යුතුව මේ රථ භාවිතා කිරීමට හැකි වන ආකාරයේ අලෙවියෙන් පසු සේවාවක් ලබාදීමත් මේ ජනප්‍රිත්වට හේතුවක් වුණා. නව Isuzu D Max රථයත් සමග මේ සියලූ‍ අංග වඩාත් වැඩිදියුණු වී ඇති බව කියන්නේ ඉතාමත් සතුටින්.”‍ SML සමාගමේ විකුණුම් හා අලෙවි කළමනාකරු ලසිත විජයකුමාර මහතා පැවසීය.

නව රථයට කිලෝමීටර් 100,000 ක හෝ වසර 3 ක වගකීමක් හිමිවන අතර, නොමිලේ සේවා වාර 3 ක්ද හිමි වේ. කොළඹ, මාතර සහ කුරුණෑගල පිහිටි SML සමාගමේ නවීන නඩත්තු සේවා මධ්‍යස්ථාන වලදී මෙම සේවාවන් ලබාගත හැක.

SML සමාගම යනු මෙරට රථවාහන ක්ෂේත්‍රයේ විශ්වාසය දිනූ ප්‍රමුඛයෙකි. 1962 දී ආරම්භ වූ එම සමාගම, ඉසුසු රථවාහන සහ අමතර කොටස් සඳහා මෙරට එකම බලයලත් නියෝජිතයා වේ. මෑතකාලීනව, පාරිභෝගිකයන්ට උපරිම පහසුවක් සැලසෙන පරිදි සහ ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රමිතීන්ට අනුකූල වන ආකාරයට තම අලෙවියෙන් පසු සේවාව වැඩිදියුණු කිරීමටද එම සමාගම පියවර ගෙන ඇත.

Isuzu1 670px 19 03 19

Isuzu2 670px 19 03 19

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top