Mar 27, 2019

සම්පත් බැංකුවේ වංචාව හෙළිවේ කෝටිපති තැන්පත්කරුවෝ බැංකුව හැර යති Featured

සම්පත් බැංකුවේ තැන්පත් කරුවන්ගේ මහා පරිමාණ මුදල් වංචාව පිළිබද හෙලිදරව් වීමෙන් අනතුරුව රුපියල් කෝටි ගණනින් මුදල් තැන්පත් කර තිබූ ප‍්‍රිමියර් තැන්පත්කරුවන් පිරිසක් එම බැංකුව හැර ගොස් ඇති බව වාර්තා වේ.

එලෙස සම්පත් බැංකුව හැරගිය තැන්පත් කරුවන් අතර මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් ද සිටින බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ලෝක ප්‍රසිද්ධ රන් සම්මානලාභී හෙළ වෛද්‍ය කැළුම් හර්ෂ වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් අධිකරණය වෙත වාර්තා කරමින් රහස් පොලිසිය කරන ලද විශේෂ විමර්ශනයේදී සම්පත් බැංකුවේ ඉහළම නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ මහා පරිමාණ වංචාවක් පිළිබද වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

සම්පත් බැංකුවේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි. ඩී. එස් වීරසිංහ මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් පුළුල් විමර්ශනයක් පවත්වනු ලබයි.

සම්පත් බැංකුවේ වංචාව හෙළිවීමෙන් අනතුරුව එම බැංකුව හැර ගිය ප‍්‍රිමියර් තැන්පත්කරුවන් පිළිබඳ විශේෂ අනාවරණයක් ශ‍්‍රී ලංකා මිරර් තුළින් ළඟදීම බලාපොරොත්තු වන්න.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top