Mar 28, 2019

සම්පත් බැංකුවට අධිකරණයෙන් විශේෂ නියෝගයක් Featured

සම්පත් බංකුවේ තැන්පත්කරුවන්ගේ මහ පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය සිදුකරන පුළුල් පරීක්ෂණයට අදාලව ප්‍රශ්නගත සියලුම බැංකු ගිණුම් සම්බන්ධයෙන් වෝහාරික විගණගනයක් වහාම සිදුකරන ලෙස අධිකරණය සම්පත් බැංකුවට අද (28) නියෝග කළේය.

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළ නඩුව කඩුවෙල මහේස්ත්‍රාත් පුසන්න අලිවිස් මහතා ඉදිරියේ අද යළි කැඳ වූ අවස්ථාවේදී රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි. ඩී .එස් වීරසිංහ , අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් සමඟ පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය , සම්පත් බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක හේවාවිදාන යන මහත්වරුන් දැක්වූ කරණු සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා සම්පත් බැංකුවට එම නියෝගය කළේය.

අදාළ වෝහාරික විගණනය ඒ සම්බන්ධයෙන් නිපුණත්වයක් සහිත ස්වාධීන ආයතනයක් මඟින් සිදුකරන ලෙස සම්පත් බැංකුවට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඊට අදාළ වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

ලෝක ප්‍රසිද්ධ රන් සම්මාන ලාභී හෙළ වෛද්‍යවරයෙකු වන කැළුම් හර්ෂ වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් අධිකරණය වෙත් වාර්තා කරමින් රහස් පොලිසිය කරන ලද විමර්ශනයේදී සම්පත් බැංකුවේ වංචා පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ නලින් දිසානායක , කපිල වලිසුන්දර යන මහත්වරුන්ගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් සමඟ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පෙනී සිටියහ.

සබැඳි පුවත්

සම්පත් බැංකුවේ වංචාව හෙළිවේ කෝටිපති තැන්පත්කරුවෝ බැංකුව හැර යති

සම්පත් බැංකු වංචාව ගැන CID ය බැංකු ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි

සම්පත් බැංකු වංචාව යට ගැසීමට බැංකු ලොක්කන්ගෙන් CID යට බලපෑම්

සම්පත් බැංකුවේ සියලු වංචා බැංකු වේලාවෙන් පසුවයි !

සම්පත් බැංකුවේ මහා වංචාවට ඉහළ නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු

සම්පත් බැංකු වංචාව : බැංකු ලොක්කන්ගෙන් CID ය ප්‍රශ්න කරයි

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top