Apr 03, 2019

සම්පත් බැංකුවේ ලොකු පුටු මාරුවුණේ ඇයි? තැම්පත්කරුවන් සැකෙන් Featured

සම්පත් බැංකුවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය මලිත් කුමාර් රණසිංහ මහතා පත්කර තිබේ. සම්පත් බැංකු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණයකට අනුව මහාචාර්ය මලිත් රණසිංහ මහකා ඊයේ (02) දින සිට බලපැවැත්වෙන පරිදි සම්පත් බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත. 
 
සම්පත් බැංකු තැම්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත රහස් පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් පවත්වනු ලබන අතරතුරදී එම බැංකුවේ ඉහළම පුටු වෙනස් කිරීම පිළිබඳව බරපතල සැකයක් මතුවන බව අදාළ වංචාවට ගොදුරු වූ තැම්පත්කරුවන් පවසයි. 
 
ඊයේ වන තුරු සම්පත් බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ චන්න පලන්සූරිය මහතාය. ලෝක ප්‍රසිද්ධ  රන් සම්මාන ලාභී හෙළ වෛද්‍ය කැළුම් හර්ෂ වීරසිංහ මහතා කරන ලද පැමිණිල්ලක් අධිකරණය වෙත වාර්තා කරමින් රහස් පොලිසිය කරන ලද විශේෂ විමර්ශනයේදී සම්පත් බැංකුවේ ඉහළම නිලධාරීන් පිරිසක් විසින් සිදුකළ මහ පරිමාණ වංචාව පිළිබඳව වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ . 
 
තැම්පත්කරුවන්ගේ රුපියල් කෝටි ගනණක මුදල් වංචාව සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණයට අදාළව වෝහාරික විගණනයක් වහාම සිදුකරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා සම්පත් බැංකුව වෙත නියෝගයක්ද මේ වන විට නිකුත් කර තිබේ.
 
සබැඳි පුවත්

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top