Apr 05, 2019

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සිංගර් "සූර්ය දීමනා"

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛත ම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම, මෙවර අලුත් අවුරුදු සමය වෙනුවෙන් "සිංගර් සූර්ය දීමනා" ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර ඇත.

මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ලොව කීර්තිමත් සන්නාම 50කට අධික සංඛ්‍යාවකින් එන නිෂ්පාදන 1000කට අධික ප්‍රමාණයක් අතරින් අලුත් අවුරුද්ද සඳහා තම සිතැඟි පරිදි භාණ්ඩ තෝරා ගැනීමේ අවස්ථාව හිමිකර දී ඇත. Singer, SISIL, Samsung, Hitachi, TCL, Beko, Sony, Huawei, Dell, Sharp, Mitsubishi සහ තවත් සන්නාම රැසක් යටතේ එන රූපවාහිනී,ශීතකරණ, වායුසමීකරණ යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර, ගෘහ භාණ්ඩ, පරිගණක, ස්මාර්ට් ජංගම දුරකථන, මුළුතැන්ගේ උපාංග සහ Hi Fi Audioසිස්ටම් රැසක් මේ අනුව මිලදී ගත හැකිය.

ළග එන උත්සව සමයට මෙම 'සිංගර් සූර්ය දීමනා' නිෂ්පාදන දිවයින පුරා පිහිටි සිංගර් ප්ලස්,සිංගර් මෙගා, සිංගර් හෝම්ස් සහ සිසිල් වර්ල්ඩ් ප්‍රදර්ශනාගාරවලින් මෙන්ම www.singersl.com සිංගර් අන්තර්ජාල ප්‍රදර්ශනාගාරයෙන් ද මිලදී ගත හැකිය.

තවද, තමන් මිලදී ගන්නා තෝරාගත් නිෂ්පාදන සමග තවත් නිෂ්පාදන නොමිලේ හිමිකර ගැනීමේ අවස්ථාව ද මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ පාරිභෝගික ජනතාවට හිමිවේ. ඒ අනුව, සිංගර් රූපවාහිනී යන්ත්‍ර සමග රෙදිසෝදන යන්ත්‍රයක් හෝ සෝෆා බෙඩ් එකක්, OREGON නිදන කාමර කට්ටලයක් සමග සිංගර් ස්ප්‍රින් මෙට්ටයක්, සිංගර් ගෑස් උඳුනක් සමග මයික්‍රොවේව් උඳුනක්, සිංගර් ශීතකරණයක් සමග විදුලි පංකාවක් සහ සිංගර් ෆුඩ් ප්‍රොසෙසරයක් සමග විදුලි කේතලයක් තමන් සතුකර ගැනීමට පාරිභෝගිකයන්ට හැකිවේ.

පාරිභෝගිකයන්ගේ අලුත් අවුරුදු මිලදී ගැනීම් තවත් පහසු කිරීම සඳහා සිංගර් ශ්‍රී ලංකා සමාගම පහසු ගෙවීම් ක්‍රම මෙන්ම විවිධ බැංකු සමග මාස 60ක් දක්වා 0%පොළිය යටතේ පහසු ගෙවීමේ ක්‍රම ඇතුළු විවිධ ගෙවීමේ ක්‍රමවේද රැසක් ද හඳුන්වා දී ඇත.

මීට අමතරව රෙදි සෝදන යන්ත්‍ර සඳහා රු. 25,000ක් දක්වා ද, රූපවාහිනී යන්ත්‍ර සඳහා රු. 15,000ක් දක්වා ද හුවමාරු වට්ටම් පිරිනැමෙන අතර පරිගණක, ගෑස් උඳුන්, තෝරාගත් බ්ලෙන්ඩර් ඇතුළු මුළුතැන්ගේ උපාංග රැසක් සඳහා 20%ක් දක්වා මුදල් වට්ටම් පිරිනැමේ. තවද, රු. 1,999ක් වැනි ඉතා සුළු මුදලක් මූලිකව ගෙවා ලැප්ටොප් පරිගණකයක් අලුත් ම අලුත් ලැප්ටොප් පරිගණයක් මිලදී ගැනීමට ද පාරිභෝගිකයන්ට මේ අවුරුදු සමයේ හැකියාව ලැබේ.

පාරිභෝගිකයන් වෙනුවෙන් පුළුල් පරාසයක විහිදුනු උසස් ප්‍රමිතියේ ජාත්‍යන්තර සන්නාම පිරිනැමීම සඳහා කීර්තිමත් නාමයකට හිමිකම් කියන සිංගර් ශ්‍රී ලංකා සමාගම, දිවයින පුරා විහිදිනු 430කට අධික සිංගර් සහ සිසිල් ප්‍රදර්ශනාගාර, 2,800කට අධික සිංගර් අලෙවි නියෝජිත ජාලය සහ අලෙවියෙන් පසු විශිෂ්ට සේවා ජාලය සමගින් නිබඳව අසමසම සේවාවක් ලබාදීමට කටයුතු කරයි. එම සමාගම අඛණ්ඩව 13වන වරටත් මෙරට අංක 1ජනතා සන්නාමය ලෙස නොබෝදා සම්මානයට පාත්‍ර විය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top