Apr 25, 2019

යැංජෝ වෙළඳ සැනකෙළිය 18 වැනි වරටත් (වීඩියෝ)

චීනයේ පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර ආර්ථික, වෙළඳ, ව්‍යාපාර හා සංචාරක සැනකෙළියක් පසුගිය 18දා නැගෙනහිර චීනයේ ජියැන්සු පළාතේ යැංජෝ නගරයේදී ආරම්භ විය.

'චයිනා යැංජෝ ෆ්ලවරි මාච්' ලෙස නම් කර ඇති මෙම උත්සවය අදියර කිහිපයක් හා විවිධ අංග ඔස්සේ මැයි 18 වන තෙක් පැවැත්වේ. වාර්ෂිකව පැවැත්වෙන මෙම උත්සවය, වසර 2,000ක පමණ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන යැංජෝ නගරයේ මෙවර පැවැත්වෙන්නේ පිටපිට 18 වැනි වසරටයි.

අප්‍රේල් පැවැත්වුණු සමාරම්භක උත්සවයේ දී යුවාන් බිලියන 65.8ක පමණ සමස්ථ ආයෝජන වටිනාකමකින් යුත් කර්මාන්ත ව්‍යාපෘති 55කට අත්සන් තැබුණි.

තානාපතිවරුන්, නිලධාරීන් හා ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සම්භාවනීය අමුත්තන් සහභාගී වූ මෙම අවස්ථාව අමතමින් යැංජෝ නගරාධිපතිවරයා වන ෂියා ෂින්මින් මහතා ආරාධනා කර සිටියේ මලින් බර වූ මෙම සොඳුරු සමය තුළ යැංජෝ නගරයේ සුන්දරත්වය, සංස්කෘතිය හා රසය උපරිමෙන් රසවිඳීමට අවස්ථා කරන්නා මෙන්ය.

නානාප්‍රකාර මලින් බර වූ දසුන් වලින් මෙන්ම සංගීත හා නර්තන අංග වලින් ද මෙම උත්සවය වර්ණවත් විය.

(සටහන හා වීඩියෝ - ශානිකා ජයසේකර චීනයේ සිට)

Flowery march from SRI LANKA MIRROR on Vimeo.

Crème de menthe from SPIRA on Vimeo.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top