May 03, 2019

ශ්‍රීලංකන් CCOට ගෙනා ජොෂුවාටත් වැඩබැරි ? Featured

ශ්‍රීලංකන් ගුවන්සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට මෑතකදී පත් කරනු ලැබූ ජොෂුවා බස්ටොස් (Joshua Bustos) දක්ෂ නිලධාරියකු නොවන බවට චෝදනා එල්ලවී ඇතැයි වාර්තා වේ.

ඔහු ශ්‍රීලංකන් හා සම්බන්ධවිමට පෙර 2016 දක්වා ඇෆ්ගනිස්ථාන සාෆි ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා (Chief Executive Officer - CEO) ලෙස සේවය කර ඇති අතර එය 2016 වසරේදී අධික ලෙස ණය වීම හේතුවෙන් එරට රජය විසින් වසා දමා තිබීම එයට හේතුව ලෙස බොහෝ පිරිසක් දක්වා තිබේ.

තවද ඉන් අනතුරුව මෙහොමඩ් ඔමාර් ලෙස නම වෙනස් කර ගනිමින් ඔහු ඉස්ලාම් ආගම වැළඳගෙන ඇත්තේ ඇෆ්ගන් ජාතික කාන්තාවක් සමග ද විවාහ වෙමින් බව පැවසේ.

මේ අතර මොහුට දූෂණ චෝදනාද එල්ලවූ අයෙක් බවද පැවසේ.

ඒ අතර, මෙම පුද්ගලයා සභාපතීත්වය දරන බස්ටොස් සමාගම් ජාලයට එවකදී ඇමරිකානු ඩොලර් මිලියන 11ක සන්නිවේදින උපාංග හා සම්බන්ධ කොන්ත්‍රාත්තුවක් ලබාදීම හේතුවෙන් එල්ලවූ චෝදනාව ප්‍රධාන වේ.

ඔහු තමාගේ සමාගම ඇමෙරිකාවේ ලියාපදිංචිකොට ඇත්තේ කොන්ත්‍රාත්තුව ලැබී දිනකට පසුව බවද පැවසේ.

ඒ හා සම්බන්ධ අනාවරණය කිරීම් රැසක් ජාත්‍යන්තර මාධ්‍ය මගින් සිදුකොට ඇත.

sputniknews.com මෙම සිදුවීම් වාර්තා කර තිබුණේ මෙසේය.

SLAJoshua1 670px 19 05 03

khaama.com මෙම සිදුවීම් වාර්තා කර තිබුණේ මෙසේය.

SLAJoshua2 670px 19 05 03

එවන් තත්වයකදී ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ජෝෂුවා බස්ටොස්ව පසුගිය අප්‍රේල් 23 දා සිට ශ්‍රීලංකන් ගුවන් සමාගමේ Chief Commercial Officer (COO) තනතුරට පත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් මතුව තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top