May 10, 2019

අලුත් කාර් 106.2% කින් වැඩිවෙලා ! Featured

වසර 2008 දී මෝටර් රථ (කාර්) ලියාපදිංචිය 106.2% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ 2018 වාර්ෂික වාර්තාවේ සඳහන්ව තිබේ.

වසර 2017 දී මෝටර් රථ ලියාපදිංචිය 13.3% කින් අඩුවී තිබූ අතර එම වර්ෂයේ ලියාපදිංචි වූ මෝටර් රථ සංඛ්‍යාව 39,182 කි.

වසර 2008 දී එම අගය 80,776 දක්වා වර්ධනය වී ඇති බව මහ බැංකුව පෙන්වා දී තිබේ.

මේ අතර ද්විත්ව කාර්ය වාහන ලියාපදිංචිය ද 1.1% කින් ඉහළ ගොස් ඇති බවස එහි දැක්වේ.

මීට අමතරව අනෙකුත් සියලුම වාහන ලියාපදිංචිය 2018 වර්ෂයේ පහළ ගොස් ඇති අතර භාණ්ඩ ප්‍රවාහන වාහන 18% කින්ද ත්‍රීරෝද රථ 14.8% කින්ද ඉඩම් වල කාර්යයන් සඳහා වන වාහන 21.1%කින්ද ලියාපදිංචිය පහළ ගොස් ඇත.

සමස්තයක් ලෙස ගත්කල 2017 දී නව රථවාහන ලියාපදිංචිය 8.4% කින් අඩු වුවද 2018 දී එය 6.5% කින් වර්ධනය වී තිබේ.

මේ සම්බන්ධයෙන් මහබැංකුව පෙන්වා දෙන්නේ කුඩා එන්ජින් ධාරිතාවක් සහිත වාහන සඳහා 2018 අයවැයෙන් ඉදිරිපත්කළ වාසිදායක බදු ව්‍යුහය නව මෝටර් රථ ලියාපදිංචිය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top