May 16, 2019

සම්පත් බැංකු වංචාවේ මහ මොළකරුවන් ලඟදීම අත්අඩංගුවට !

සම්පත් බැංකුවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් තවත් ප්‍රධාන පෙලේ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් පවත්වා ගෙන යන බව රහස් පොලිසිය මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වෙත අද (16) දැනුම් දුන්නේය.

මෙම වංචාව සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ රන් සම්මාන ලාභි හෙළ වෛද්‍ය කැලුම් වීරසිංහ මහතා රහස් පොලිසිය වෙතකරන ලද පැමිණිල්ලක් අද යළි කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසියේ නිලධාරීන් මේ බව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී සම්පත් බැංකුව නියෝජනය කරමින් නීතිඥ මඩුල්ලක් පෙනී සිටීම කැපී පෙනෙන සිද්ධියක් විය.

සම්පත් බැංකුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවේනද්‍ර ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ නීතීඥ නලීන්ද ඉන්ද්‍රතිස්ස ඇතුළු නීතිඥ පිරිසක් සිටින බව අධිකරණය හමුවේ සලකුණු කෙරිණි.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ මණ්ඩලයක් සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින් දිසානායක මහතා කියා සිටියේ මෙම නඩුවට සමාන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් තවත් නඩු රැසක් මේ වන විටත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවයි.

සම්පත් බැංකුවේ වංචාව සම්බන්ධයෙන් වෙෝහාරිකවිගණනයක් සිදු කරන ලෙසට අධිකරණයෙන් ලබාදුන් නියෝගය පරිදි අදාල විගණනය සිදුකරන බව සම්පත් බැංකුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයට දන්වා සිටියේය.

අදාළ වෝහාරික විගණනයසිදුකර එහි වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හේස්ත්‍රාත්වරයා සම්පත් බැංකුවට නියෝග කළේය.

සබැඳි පුවත්

සම්පත් බැංකු වංචාවේ ආන්දෝලනාත්මක හඬ පටය

සම්පත් බැංකුවට අධිකරණයෙන් විශේෂ නියෝගයක්

සම්පත් බැංකු වංචාව ගැන CID ය බැංකු ලොක්කන්ගෙන් ප්‍රශ්න කරයි

සම්පත් බැංකු වංචාව යට ගැසීමට බැංකු ලොක්කන්ගෙන් CID යට බලපෑම්

සම්පත් බැංකුවේ සියලු වංචා බැංකු වේලාවෙන් පසුවයි !

සම්පත් බැංකුවේ මහා වංචාවට ඉහළ නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු

සම්පත් බැංකුවේ ලොක්කෝ සංවිධානාත්මකව වංචා කරලා 

සම්පත් බැංකුවේ ලොකු පුටු මාරුවුණේ ඇයි? තැම්පත්කරුවන් සැකෙන්

සම්පත් බැංකු වංචාව : බැංකු ලොක්කන්ගෙන් CID ය ප්‍රශ්න කරයි

සම්පත් බැංකුවේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචාවක්

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top