May 17, 2019

සංචාරක ව්‍යාපාරයට තවත් පහරක් ! Featured

පසුගිය දිනවල ඇති වූ කළබලකාරී තත්ත්වයන් හේතුවෙන් මෙරටට පැමිණෙන සංචාරකයින් මෙරට තුළ රැඳී සිටින කාලය අඩුවීමේ තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.

මීට පෙර මෙරටට පැමිණි සංචාරකයන් දින 12කට ආසන්න කාලයක් මෙරට රැඳී සිටීමේ සාමාන්‍යක් පැවැතිය ද එය මේවන විට අඩුව ඇති බව සංචාරක මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතා පෙන්වා දෙයි.

ත්‍රස්ත ප්‍රහාරය සමග දෛනිකව පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය 1700 දක්වා අඩුවී ඇති බවද මේ අතර වාර්තා වේ.

සාමාන්‍යයෙන් වෙනත් වසර වලදී මැයි, ජුනි මාසවල සංචාරකයන් 5000-5500ක් අතර ප්‍රමාණයක් මෙරටට පැමිණෙන බව පැවසේ.

යුරෝපීය රටවල සංචාරකයින් පැමිණීම ඉතාම අවම මට්ටමක ඇති බවත්, වැඩි වශයෙන් මේ දිනවල පැමිණෙන්නේ ඉන්දියානුවන් හා චීන ජාතිකයන් බවද වාර්තා වේ.

මේ අතර, උතුරු ප්‍රදේශයේ දුම්රියෙන් සංචාරයේ යෙදෙන විදේශිකයන්ට ලබන 24 වැනිදා සිට දුම්රිය ගාස්තුවෙන් 50%ක වට්ටමක් ලබාදෙන බව, උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහත පවසා තිබේ.

එම පහසුක හිමිවන්නේ, සිව් දෙනෙකු හෝ ඊට වැඩි විදෙස් සංචාරක කණ්ඩායම් සඳහායි. යාපනයේ සංචාරක හෝටල් බොහොමයක ගාස්තු ද 50%කින් පමණ පහළ දමා ඇත.

මාස 2ක පමණ කාලයක් මෙම සහනය ලබාදීමට පියවර ගෙන ඇති බව, උතුරු පළාත් ආණ්ඩුකාර උප කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන්වේ.

ඉදිරි කාලය තුළ සංචාරක ආකර්ශනය දිනා ගැනීමේ වැඩසටහන් රැසක් ද සංවිධාන කර තිබේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top