May 20, 2019

ලොව පුරා Huawei පාරිභෝගිකයින්ට කේස් එකක්

ඇමෙරිකාවේ ගූගල් (Google) සමාගම විසින් චීනයේ හුවාවි (Huawei) විදුලි සන්දේශ සමාගම සදහා වාරණයක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හුවාවි ආයතනය මගින් නිෂ්පාදිත ජංගම දුරකතන වලට මින් ඉදිරියට Google Security Updates හා Technical Support නොලැබී යනු ඇත.

මින් ඉදිරියට අලුතින් නිෂ්පාදනය කෙරෙන ඇන්ඩ්‍රොයිඞ් (android) තාක්ෂණය හුවාවි සමාගමට අහිමි වන අතර දැනට භාවිතා කෙරෙන ගූගල් තාක්ෂණය කල් ඉකුත් වීමෙන් පසු හුවාවි පාරිභෝගිකයන් දැඩි අර්බුදයකට මුහුණ දෙනු ඇති බවට ද බිය පළ කෙරේ. ගූගල් ප්ලේ (Google Play) පමණක් නොව, ජීමේල් (Gmail) සහ ගූගල් මැප්ස් (Google Maps) සේවා සියල්ල ද හුවාවි දුරතකන, ටැබ් ඇතුළු සියලු සන්නිවේදන උපාංගවලට අහිමි වෙයි.

දැනට භාවිත කරන හුවාවි දුරකථන සඳහා ගූගල් ප්ලේ ස්ටෝර් (Google Play Store) හරහා නවතම ඇප්ස් බාගත කරගැනීමේදී පවා දෝශ ඇතිවිය හැකි බවද පැවසේ.

ඇමෙරිකාව හුවාවි විදුලි සන්දේශ සමාගම ඔවුන්ගේ අසාදු ලේඛනයට (Black List) ඇතුළත් කළේ ඇමෙරිකාවත් චීනයත් අතර නිර්මාණය වී ඇති වෙළෙඳ යුද්ධය මුල්කොට ගනිමිනි.

තම නිෂ්පාදන⁣ ලොව ඉතා වේගයෙන් ජනප්‍රිය වන්නට පටන් ගැන්ම නිසා ඇමරිකානු දුරකථන නිෂ්පාදන සමාගම් වලට එල්ලවන පහර වැලැක්වීමට ඇමරිකානු සමාගමක් වන ගූගල් සමාගම මෙය සිදුකරන්නට ඇතැයි සැක පල කරන බව හුවාවි සමාගමේ ප්‍රධාන විධායක රෙන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top