හුවාවෙ (Huawei) සමාගමෙ නිර්මාතෘ Ren Zhengfei මහතා මාධ්‍ය සාකච්ඡාවේදී…. හුවාවෙ (Huawei) සමාගමෙ නිර්මාතෘ Ren Zhengfei මහතා මාධ්‍ය සාකච්ඡාවේදී….
May 22, 2019

හුවාවෙයි ට එරෙහි සම්බාධක දින 90කට කල් දමයි

චීන හුවාවෙයි (Huawei) සමාගමට එරෙහිව සම්බාධක පැනවීම දින 90කට කල් දමන බව ඇමරිකාව පවසා ඇත.

හුවාවෙයි (Huawei) සමඟ සහයෝගතා පවත්වන සමාගම් වලට දින 90 ක තාවකාලික අවසරයක් ලබා දෙන බව ඇමරිකාවේ වාණිජ දෙපාර්තමේන්තුව පවසා ඇත.

එම සම්බාධක පැනවීම කල් දමා ඇතත් පෙර පනවා තිබූ තහනම අහෝසි කර නොමැති බව ඇමරිකාව අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍යවල දැක්වේ.

හුවාවෙයි (Huawei) සමාගමෙ නිර්මාතෘ Ren Zhengfei මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව නිකුත් කළ එම දින 90ක තාවකාලික අවසරයෙන් වැඩි ප්‍ර‍යෝජනයක් නොමැති බවයි.

හුවාවෙයි (Huawei) සමාගමේ ශක්තිය කෙරෙහි ඇමරිකානු දේශපාලනඥයන් අව තක්සේරු කළ බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

එමෙන්ම ඇමරිකාව ගෙන ඇති තහනම් පියවරවලින් හුවාවෙයි (Huawei) සමාගම ක්‍රියාත්මක කරන 5වන පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණ සංවර්ධනයට බලපෑම් එල්ල නොවනු ඇති බවට හෙතෙම විශ්වාස පළ කර තිබේ.

මේ අතර, ඇමෙරිකාව චීන හුවාවෙයි (Huawei) සමාගමට එරෙහිව සම්බාධක පැනවීම පිළිබඳව බොහෝ රටවල නායකයන්ගේද අවධානය යොමුව ඇති අතර ඔවුන් සිය අදහස්ද ඉදිරිපත් කර ඇත.

ඒ අතර, ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය ආරක්ෂක ප්‍රමිතියට ගැලපෙන ඕනෑම සමාගමකට ජර්මන් 5වැනි පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණ සංවර්ධනයට එක් විය හැකි බව පවසා තිබේ.

හුවාවෙයි (Huawei) කැනඩාවේ 5වැනි පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘතියට සහභාගී වීම සඳහා තක්සේරු කරනු ඇති බව අගමැති Justin Trudeau මහතා කියා සිටී.

5වැනි පරම්පරාවේ තාක්ෂණ හා හුවාවෙයි (Huawei) සමාගම සම්බන්ධ ප්‍රශ්න කෙරෙහි බ්‍රිතාන්‍යය ස්වාධීනව තීරණයක් සකස් කරනු ඇතැයි බ්‍රිතාන්‍ය සංස්කෘතික අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top