May 24, 2019

FB ෆේක් එකවුන්ට් බිලියන 3ක් අයින් කරලා!

වසර 2018 ඔක්තෝබර් සිට 2019 මාර්තු අතර ඇති සය මාසයක කාලය තුළදී ෆේස්බුක් හි තිබූ ව්‍යාජ ගිණුම් (fake accounts) බිලියන 03කට අධික ප්‍රමාණයක් ඉවත් කිරීමට එම සමාගම කටයුතු කර ඇති බව වාර්තා වේ.

මේ බව ඔවුන් පවසා ඇත්තේ සිය නවතම වාර්තාවක් මගිනි.

ඉහත සඳහන් සයමසක කාලය තුළදී ඔවුන් පියවර ගත් පෝස්ටු ප්‍රමාණය හා ගිණුම් ප්‍රමාණය පිළිබඳ තොරතුරු මෙම වාර්තාවේ ඇතුළත් වේ.

මෙම කාලය තුළදී වෛරී ප්‍රකාශන ඇතුළත් ෆේස්බුක් සටහන් මිලියන 07කට වැඩි ප්‍රමාණයක් ඉවත් කර ඇති බවත්, මෙම සංඛ්‍යාව වාර්තාගත අගයක් ගන්නා බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top