May 29, 2019

"හුවාවේ තහනමෙන් පාරිභෝගියන් බිලියන ගණනකට බලපෑම්"

වෙළඳ සීමා ලැයිස්තුවට හුවාවේ සමාගම ඇතුළත් කිරීමට ඇමෙරිකාව ගත් තීරණය, පාරිභෝගියන් බිලියන ගණනකට බලපාන බව හුවාවේ සමාගෙම් නීති ප්‍රධානියා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සොං ලියුපිං මහතා පවසා ඇත්තේ මෙම වෙළඳ තහනම මගින් ඇමෙරිකානු සමාගම් වලට මෙන්ම රැකියා රැසකට ඍජුව බලපානු ඇති බවයි.

වැඩිදුර අදහස් දක්වමින් ඔහු සඳහන් කර තිබුණේ එක් පෞද්ගලික සමාගමක් පසුපස හඹා ඒම සඳහා ඇමෙරිකාවේ දේශපාලඥයන් විසින් සමස්ත දේශයක බලයම යොදාගනිමින් සිටින බවයි.

විශේෂ බලපත්‍රයක් නොමැතිව ඇමෙරිකානු සමාගම් හා වෙළඳ කටයුතු වල නිරතවීමට නොහැකි සමාගම් ලැයිස්තුවට ඇමෙරිකානු රජය විසින් හුවාවේ සමාගම පසුගියදා එක්කරනු ලැබූ අතර, මෙය ඇමෙරිකාව හා චීනය අතර පැවැත්වෙන වෙළඳ යුද්ධයේ නවතම දිගහැරුමයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top