May 30, 2019

සම්පත් බැංකුවේ වංචාව නිසා ව්‍යාපාරිකයින් CID ය ට

සම්පත් බැංකුවේ මහා පරිමාණ මූල්‍ය වංචාවට හසුවූ ව්‍යාපාරිකයින් රහස් පොලිසිය වෙත පැමිණිලි කර තිබේ.

තම අනුදැනුමකින් තොරව සිය ගිණුමෙන් මුදල් ගනුදෙනු කළ බවට චෝදනා කරමින් බොරලැස්ගමුව පදිංචි ව්‍යාපාරික කේ. ඩී වීරතුංග මහතා රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

වීරතුංග මහතාට අමතරව තවත් ව්‍යාපාරිකයින් පිරිසක් ද පැමිණිලි කර තිබෙන බව රහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

ලෝක ප්‍රසිද්ධ රන් සම්මාන ලාභී හෙළ වෛද්‍ය කැළුම් වීරසිංහ මහතා රහස් පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සම්පත් බැංකු වංචාවේ සුලමුල අනාවරණය වී තිබුණි.

සම්පත් බැංකුවේ මහා පරිමාණ මූල්‍ය වංචාවට හසු වී සිටින ව්‍යාපාරිකයින් ඇතුළු ඇතැම් තැන්පත්කරුවන් කෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇත්තේ එම බැංකුවේ ඉහළම නිලධාරීන් ගේ ඉල්ලීම මත බව අනාවරණය වී ඇතැයි රහස් පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

තම දෙපාර්තමේන්තුව වෙත ලැබුණු පැමිණිලි අධිකරණය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇතැයි රහස් පොලිසියේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top