May 31, 2019

නෙල්නා හලාල් ඉවත් කරයි ! Featured

නෙල්නා (Nelna) සමාගම සිය නිෂ්පාදන වලින් අද (31) සිට හලාල් ලාංඡනය ඉවත් කරන බව එම සමාමේ සාමාන්‍යාධිකාරී (විකුණුම් / වෙළෙඳ) කපිල රාජපක්ෂ මහතා කියයි.

නෙල්නා (Nelna) සමාගමට වසර 20ක් පිරීම ගැන ඊයේ (30) කොළඹ ලයිට් හවුස් ගැලේ හෝටලයේ පැවැති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.

සිය පාරිභෝගිකයන්ගේ, වෙළඳ මහතුන්ගේ හා බෙදාහරින්නන්ගේ දැඩි ඉල්ලීම මත නෙල්නා සමාගමේ සභාපති එඩී ගුණපාල නානායක්කාර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය මේ තීරණයට එළඹි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වසර 2014 දී ද මෙවැනිම තත්ත්වයක් ඇතිවීමෙන් හලාල් ලාංඡනය ඉවත් කිරීමට සිදුවූ බවත්, එහිදී සිය ආයතනයට ලක්ෂ 60ක පමණ අලාභයක් සිදුවූ බවත්, කෙසේවුවද පසුව ඇතිවූ බලපෑම් හේතුවෙන් නැවත හලාල් ලාංඡනය ගැනීමට තවත් ලක්ෂ 60ක් පමණ වියදම් වූ බවත් රාජපක්ෂ මහතා කියා සිටියේය.

මේ පාඩුව සිදුවන්නේ සාමාන්‍යයෙන් තුන්මසකට ඇසුරුම් ගබඩාකර තබා ගැනීම අත්‍යවශ්‍ය වන බැවින් එසේ ලාංඡනයක් ඉවත් කිරීමට හෝ එකතු කිරීමට සිදුවන විට ගබඩා කර තැබූ ඇසුරුම් විනාශ කිරීමට හා නව ඇසුරුම් නිෂ්පාදනය සඳහා අච්චි සැකසීමට යන කාරණාවලට වැයවන වියදම නිසා යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

හලාල් යනු කුමක්ද ?

අල්ලාහ් සහ ඔහුගේ දුතයානන් අනුමත කොට ඇති සියළුම දේවල් අරාබි බසින් හලාල් යැයි කියනු ලැබේ.

අහාර පාන සඳහා පමණක් නොව ජීවිතය පුරා අනුගමනය කල යුතු තවත් බොහෝ දේවල් එමගින් ආවරණය කරන්නේය. එහෙත් මෙහිදී සලකා බලනු ලබන්නේ හලාල් අහාර පාන ගැන පමණි.

කරුණු දෙකක් මත මුස්ලිම්වරු හලාල් දේවල් සොයායාම සිදුවේ.

ඉන් ප්‍රධාන තැනක් ගන්නේ එය අලාහ්ගේ නියෝගයක් වීමයි. අනෙක් කරුණ වන්නේ හලාල් දේවල් නිරෝගී ජිවිතයක් සඳහා අත්‍යවශ්‍යය සාදකයක් ලෙස සැලැකීමය.

පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් හලාල් නොවන එනම් හරාම් අහාර ගැන දැනුම් දී ඇත. ෂරියා නීතියෙන් තහනම් කල දේවල් හැරුණු විට අනෙක් සියළුම දේවල් මුස්ලිම්වරුන් සඳහා අනුමතය.

“ඉබේම මළ දෑ, රුධිරය, සුකර මාංශ, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් ඝාතනය කරනු ලැබූ සතුන් ආදිය නුඹලාට තහනම් කර ඇත. තවද බෙල්ල මිරිකනු ලැබීමෙන් මළ දෑ, පහර කෑමෙන් මළ දෑ, උස්තැනක සිට වැටීමෙන් මළ දෑ, අං වලින් අනිනු ලැබීමෙන් මළ දෑ, වනසතුන් සපා කෑමෙන් මළ දෑ යනාදියද (තහනම් කර ඇත)”

(කුරානය 5:3).

ඉහත ලේඛනයට අමතරව තවත් බොහෝ සත්වයින් නබිතුමා විසින් තහනම් කොට ඇත.

ඒ අනුව මාංශ බක්ෂක සතුන් ඇතුළු රාජාලියන් වැනි ඇතැම් පක්ෂීන්ද ඊට අයත් වේ. බුරුවා මාංශ බක්ෂක නොවුනත් එය නබිතුමා විසින් තහනම් කොට ඇත.

ෂරියාවෙන් තහනම් කොට ඇති සියළුම දේවල් මිනිස් ශරීරයට අහිතර ය. ඒවා අනුභව කිරීමෙන් නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු විය හැකිය.

විශේෂයෙන්ම ජිවියෙකුගේ ශරීරයේ වැඩියෙන්ම ශුද්‍ර ජීවින් තිබෙන්නේ උගේ රුධිරයේය.

මේ නිසා සත්වයෙක් ඝාතනය කරන අවස්ථාවේදී එය හැකිතරම් පිටතට වාහනය වීමට සැලැස්විය යුතුය.

මෙරට හලාල් සංවාදය දැඩිව පැවැති 2013 වසරේ දී ඒ සම්බන්ධයෙන් ස්ලාමීය විද්වතුන්ගේ සම්මේලනයේ හලාල් අංශයේ ප්‍රධානී මුර්ෂි මුලාෆර් මහතා විසින් අනාවරණයක් පහත දැක්වේ.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top