Jun 01, 2019

නැට්වෙල්ත් සෙකියුරිටීස් ව්‍යාපාර මාස 6කට අත්හිටුවයි

නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ ව්‍යාපාර කටයුතු 2019 මැයි මස 31 වැනි දින ප.ව.4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස 6ක කාලසීමාවක් දක්වා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා බලපැවැත්වෙන නියාමනයන්ට අනුකූලව කටයුතු කිරීමට එම සමාගමට නොහැකිවීම නිසා එහි ව්‍යාපාර කටයුතු මාස හයක කාලසීමාවකට අත්හිටුවීමට මුදල් මණ්ඩලය තීරණය කළ බවද ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

මෙම නියාමන ක්‍රියාමාර්ගය රජයේ සුරැකුම්පත් වෙළඳපොල කටයුතු කෙරෙහි අගතිදායක ලෙස බල නොපාන බවට සහතික වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මහ බැංකුව විසින් ගනු ඇති බවද නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමෙහි ගණුදෙනුකරුවන්ගේ සහ ප්‍රතිපාර්ශවයන්ගේ හිමිකම්වලට හානි නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ද නිසි පරිදි ගනු ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top