Jun 29, 2019

ශ්‍රී ලංකාව හා තායිලන්තය අතර සංචාරක ගිවිසුමක්

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සහ තායිලන්ත සංචාරක අධිකාරිය දෙරට අතර සංචාරක ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

මෙරට සංචාරකයන්ට තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන වැදපුදා ගැනීමට පහසුකම් සැලසීම හා තායිලන්ත සංචාරකයන්ට ශ්‍රී‍ ලංකාවේ ආගමික සිද්ධස්ථාන වැදපුදා ගැනීමට පහසුකම් සැලසෙන පරිදි ගිවිසුම ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය සඳහන් කළේ තායිලන්ත සංචාරක අධිකාරියේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී‍ ලංකාවට පැමිණ ඇති බවත් ඔවුන් ශ්‍රී‍ ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන නැරඹීමට ද එක්ව සිටින බවයි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top