Jul 05, 2019

UTS හි අධ්‍යාපන කටයුතු ඔක්තෝම්බරයේ ඇරඹේ

ඕස්ට්‍රේලියාවේ අංක එකේ නවීන විශ්වවිද්‍යාලයක් වන යුනිවර්සිටි ඔෆ් ටෙක්නොලජි සිඩ්නි (University Of Technology Sydney) හට අනුබද්ධිත යූ.ටී.එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා (UTS Insearch Sri Lanka) ජාත්‍යන්තර උසස් අධ්‍යාපන විද්‍යාලය ඊයේ (04) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිල වශයෙන් ආරම්භ කිරීම සිදු කෙරුණි.

මේ අධ්‍යාපන ආයතනය මගින් ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනයේ නවීනතම අත්දැකීම් සහ ජාත්‍යන්තර ඉගෙනුම් අවස්ථාවන් සඳහා යොමුවීමේ හැකියාව උදා කරනු ලබයි.

ඇමරිකානු ඩොලර් මිලියන 2 ක මූලික ආයෝජනයකින් ඇරඹෙන මෙම ව්‍යාපෘතිය ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ සමීප සම්බන්ධතාව තව දුරටත් ශක්තිමත් වනු ඇති බව අධ්‍යාපන කේෂත්‍ර ප්‍රවීණයන්ගේ මතය වේ.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඬේවිඞ් හෝලි මහතා අදහස් දක්වමින්, ” ඕස්ට්‍රේලියාවේ යූ.ටී.එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා (UTS Insearch Sri Lanka) විශ්විද්‍යාලයේ ශාඛාවක් කොළඹ පිහිටුවීමට ලැබීම ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දිගු කාලීන මිතුදමේ වැදගත් සන්ධිස්තානයක් වන අතර ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට අධ්‍යාපන අවස්ථා ලබා දීම පිලිබඳ තවත් විශිෂ්ට උදාහරණයක් ලෙස මෙය සලකන්න පුළුවන් යැයි,”පැවසීය.

වර්ෂ 2019 ඔක්තෝබර් මස සිට අධ්‍යාපන කටයුතු ඇරඹීමට නියමිත UTS Insearch Sri Lanka විශ්වවිද්‍යාලය ව්‍යාපාර අධ්‍යයනය ඉන්ජිනේරු සහ තොරතුරු තාක්ෂනය යන විෂයන්ට අදාළව UTS පදනම් මට්ටමේ සහ විශ්වවිද්‍යාල පළමු වසරට සමාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම නව විශ්ව විද්‍යාලය කොළඹ තර්ස්ටන් මාවතේ පිහිටා ඇති අතර ජාත්‍යන්තර මට්ටමේ ඉගෙනුම් අවස්ථාවක් ලබාගැනීමට ශ්‍රී ලාංකික සිසුන්ට මෙහිදී අවස්ථාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඬේවිඞ් හෝලි මහතා, සිඞ්නි තාක්ෂණික විශවවිද්‍යාලයේ (UTS) නියෝජ්‍ය උපකුලපති සහ උප සභාපති (ජාත්‍යන්තර) ඉයන් වොට් මහතා, යූ.ටී.එස්. ඉන්සර්ච් ශ්‍රී ලංකා (UTS Insearch Sri Lanka) හී කළමනාකාර අධ්‍යක්ෂ ඇලෙක්ස් මර්ෆි මහතා, ඇතුළු ව්‍යාපාරික සහ අධ්‍යාපන කේෂත්‍රයට සම්බන්ධ සම්භාවනීය අමුත්තන් 200 කට අධික සංඛ්‍යාවක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වුහ.

View the embedded image gallery online at:
https://sinhala.srilankamirror.com/biz/20326-uts#sigProId181eb0e779

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top