Jul 07, 2019

හෝටල් 10ක් වසා දාලා ! Featured

පාස්කු ප්‍රහාරයෙන් පසු සංචාරකයින්ගේ පැමිණීම අඩුවීම හේතුවෙන් හෝටල් 10 කට ආසන්න සංඛ්‍යාවක් වසා දමා ඇති බව ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) පවසයි.

අප්‍රේල් මාසයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව බොහෝ හෝටල් දුෂ්කරතාවන්ට මුහුණ දී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් වශයෙන් සමහර හෝටල් වසා දමා තම කාර්ය මණ්ඩලයට දිගටම වැටුප් ගෙවීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද එහි සභාපති සනත් උක්වත්ත  මහතා කියා සිටී.

කැනඩාව, එක්සත් රාජධානිය වැනි රටවලින් සංචාරකයින් පැමිණියද, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් එම රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් වන අතර හෝටල්වලින් ලැබෙන වට්ටම් ඉහලයාම නිසා ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඔහු පවසියි.

හෝටල් මෙම අඩු මිල ගණන් යටතේ වත්වාගෙන යා නොහැකි බවත්, අනෙක් සමාගම්වලට වඩා වෙනස් ස්වරූපයක් ගන්නා හෝටල් ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට ආහාර සපයන අතර බොහෝ හෝටල් නොමිලේ ආහාර ලබා දීමට නොහැකි බැවින් නිවසේ රැඳී සිටින ලෙස කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවද ඔහු හෙළි කළේය.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top