මෙම ඇප් මෘදුකාංග ඔස්සේ මාධ්‍ය ලිපිගොනු (media files) හුවමාරු කරගැනීමේදී පූර්වාරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමුකරනා මෙන් ගෝලීය සයිබර් ආරක්ෂණ සමාගමක් වන සිමෙන්ටෙක් සඳහන් කර සිටියි.
‘මීඩියා ෆයිල් ජැකින්’ නම් ආරක්ෂක දෝෂයක් මෙම ඇප් මෘදුකාංග වල ඇති බවත්, එමගින් මෙම ඇප් මෘදුකාංග භාවිතාකරන්නන් ගේ අනුදැනුමකින් තොරව මාධ්‍ය ලිපිගොනු අතරට එක්ව ඒවා තම හිතුමතට හැසිරවීමට හැකියාව ඇති බව සිමෙන්ටෙක් සමාගම අනතුරු අඟවයි.
පෞද්ගලික ඡායාරූප සහ වීඩියෝ, ආයතනික ලේඛන, ඉන්වොයිසි, සහ හඬ සටහන් (voice memos) වැනි සංවේදී තොරතුරු අනිසි ලෙස භාවිතා කිරීමට මෙමගින් ප්‍රහාරකයාට මෙය ඉඩ දෙයි.