Jul 19, 2019

බෝයිං 737 මැක්ස් අවුලේ බලපෑම බිලියන 4.9ක්!

සිය 737 මැක්ස් ගුවන් යානය ලොව පුරා ගොඩබෑමට සිදුවීම හේතුවෙන් බෝයිං සමාගමට ඩොලර් බිලියන 4.9 ක ඍණාත්මක බලපෑමක් සිදුවී ඇති බව වාර්තා වේ.

බෝයිං සමාගමේ කාර්තුමය ප්‍රථීපල ලබන සතියේදී නිකුත් වීමට නියමිත ඇති අතර, මේ හේතුවෙන් එහි ලාභ වලට දැඩි ලෙස බලපෑමක් එල්ල වනු ඇති බවට අපේක්ෂා කෙරේ.

නිවේදයක් නිකුත් කරමින් බෝයිං සමාගම කියා සිටියේ මෙම වසරේ අවසාන මාස තුන තුළදී 737 මැක්ස් ගුවන් යානය යළිත් සේවයට එක්වනු ඇතැයි අපේක්ෂා කිරීම වර්තමානයේදී පවතින තත්ත්වය අනුව හොඳම නිමානය වන බවයි.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඉන්දුනීසියාවේ හා මේ වසරේ මාර්තු මාසයේදී ඉතියෝපියාවේ සිදුවූ 737 මැක්ස් අනතුරු වලින් පුද්ගලයින් 346 ක් මිය ගිය අතර, ඉන්පසුව මෙම යානය පියාසර කිරීම නතර කෙරුණි.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top